Gossip

“මම අසාර්ථක විවාහ ජීවිතයක් ගෙවන බවත් බිරිඳගේ ආදරය නොලැබෙන බවත් කියලා තමයි හොර ශිහාන් මිහිරංග මේ ළමයින්ට චැට් කරලා තියෙන්නේ”

මුහුණුපොත නිසා සිද්ධ වෙන හොඳ දේවල්වලට වඩා නරක දේවල් වැඩියි.
මේ මුහුණුපොත නිසා ශිහාන් මිහිරංගට අත්වුණු ඉරණමක් ගැන ඔහු සතිඅන්ත පුවත්පතකට හෙළි කළ කතාවක්.

facebook හින්දා නළු නිළියෝ, ගායක ගායිකාවෝ මුහුණ දීපු ප්‍රශ්න අතුරින් බරපතළම ප්‍රශ්නයට මුහුණ දුන්නේ මමද කියලත් වෙලාවකට මට හිතෙනවා.
facebook නිසා මට ඇති වූ ප්‍රශ්න කොයි තරම්ද කියනවා නම් අන්තිමට මම මුහුණු ‍පොතෙනුත් ඉවත් වුණා.
අද මේ රටේ ඉන්න අවු 14-15 ළමයින්ටත් facebook එකවුන්ට් තියෙනවානේ.
ඒත් මට දැන් facebook එකවුන්ට් එකක් නැහැ. ශිහාන් මිහිරංග නමින් facebook ගිණුම් හදාගෙන නොයෙකුත් විදියේ අයහපත් කටයුතු කළ අය අන්තර්ජාලයේ සැරි සරද්දී ඊට විරුද්ධව කරන්නට දෙයක් නැති වුණාම මම ගත්තු තීරණය තමයි ඒ.
දැන් මට ඕනෑම තැනක කියන්න පුළුවන්. මම facebook නැහැ. ශිහාන් මිහිරංග නමින් කවුරුහරි facebook හරහා මා විදියට අමතනවා නම් එයා අමු හොරෙක් කියලා.
මේ වගේ දැනුවත් කිරීමක් කළ පසු හොර ශිහාන්ලා මේ හොර වැඩ නවතියි කියලා මම හිතුවා.
හොර ශිහාන්ට රැවටෙන රසික පිරිස දැනුවත් වෙයි කියලා මම හිතුවා. ඒත් එහෙම වෙලා නැහැ. තවමත් හොර ශිහාන්ලා 200ක් විතර මුහුණු‍පොතේ සැරිසරනවා. අදටත් සමහරු ඒ අයට රැවටෙනවා.
මට ලැබුණු හැම ඇමතුමක්ම වගේ හොර ශිහාන්ලාට රැවටුන අයගෙන්.
ඔය දුරකථන ඇමතුම් අතරේ අපූරු ඇමතුම් තිබුණා.
අයියේ ඔයා fb එකෙන් අයින් වෙලා පත්තරේට කියලා තිබුණේ බොරුවට නේද? ඊයේ රෑ මාත් එක්ක chat කළේ. ඇත්තටම ඔයා නේද?
ඒ විදියේ ඇමතුමක් ආවේ හොර ශිහාන් කෙනෙකුට රැවටුණු ගැහැනු ළමයෙකුගෙන්. ඒවගේ අයත් එක්ක වැඩි දුර තොරතුරු කතා කරද්දී ගොඩාක් දේවල් මට දැනගන්න ලැබුණා.
මම අසාර්ථක විවාහ ජීවිතයක් ගෙවන බව… බිරිඳගේ ආදරය නොලැබෙන බව… කියලා තමයි හොර ශිහාන්ලා මේ ළමයින්ට චැට් කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ ඒ අයගේ වෙනත් අරමුණු ඉෂ්ට කරගන්නයි.
දවසක් මට එංගලන්තයෙන් ඇමතුමක් ආවා. ඒ කතා කරලා තියෙන්නේ මම ඉල්ලු මුදල මගේ ගිණුමට බැර කරන්න කලින් ඒ ගැන හරියටම දැන ගන්නයි.
ඒ නාඳුනන ඇමතුම ආවම මගේ ඇඟම සීතල වෙලා ගියා. කතාව මේකයි…. මම දුප්පත් අයට ගෙවල් හදලා දෙනවලු.
ඒක කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නොවෙයි රහසේමලු ඊට දායක වෙන්න කැමති අයට ගිණුම් අංකයකුත් සමගයි.
මේ හොර ශිහාන් තමන්ගේ හොර facebook ගිණුමේ post දාලා තියෙන්නේ. පත්තරේ පළ වූ ලිපිය දැකපු අය, මේ වැඩේ කරන්නේ හොර ශිහාන් කෙනෙක් බව සැක කරලා මගෙන් ඒ ගැන ඇහුවා. එංගලන්තය, ප්‍රංශය වගේ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයනුත් ඒ අතර ඉන්නවා. හැබැයි මේ වෙද්දී කී දෙනෙක් ඔය ගිණුමට මුදල් බැර කළාද කියන්න නම් මම දන්නේ නැහැ.
හොර ශිහාන්ලාගේ අලුත්ම ව්‍යාපෘතිය තමා මගේ ගීත රූප රචනාවල රඟපාන්න නවක නිළියන් සෙවීම.
ඡායාරූපයක් හා දුරකථන අංකයක් එවන්න කියලා ඒ අය post පළ කරලා තියෙනවා.
ඡායාරූප යවපු ගෑනු ළමයින්ට පස්සේ ඒ අය කතා කරලා කියලා තියෙනවා මම කියන ඕනෑම විදියකට පින්තූරයකට ඉන්න කැමතිද?
ඕනෑම ජවනිකාවක් රඟපාන්න කැමතිද කියලා. ඒ විතරක් නමෛයි ළඟදීම නළු නිළි සම්මුඛ පරීක්ෂණයට දැනුම් දෙන්නම් කියලත් කියලා තියෙනවා. මම කියලා හිතාගෙන ඡායාරූප යවපු ගෑනු ළමයිට ඔය කියන සම්මුඛ පරීක්ෂණයට ළගඳීම මේ හොර ශිහාන් කතා කරයි.
ඊට කලින් තමයි මේ ගැන නැවතත් පත්තරේ සඳහන් කරන්නේ.
අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ හැම Music Video එකකම රඟපෑවේ දැනට ක්ෂේත්‍රයේ ඉන්න නිරූපණ ශිල්පියෝ හා නිළියෝ. මගේ Music Video වල රඟපාන්න නවක ගෑනු ළමයින්ට මම කිසිම දවසක ආරාධනා කරලා නැහැ.
මම දැනුවත්ව ඒ වගේ සම්මුඛ පරීක්ෂණයන් තිබිලත් නැහැ. ඒ වගේම අසරණ අයට නිවාස සෑදීමේ කිසිදු වැඩපිළිවෙළකට මම කිසිම අයුරකින් සම්බන්ධ වෙලත් නැහැ.
කොටින්ම කියනවා නම් මම දැන් facebook එකෙත් නැහැ. ඒ විතරක් නමෛයි. මේ හොර ශිහාන්ලාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් මම දැන් කටයුතු යොදලයි තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!