Gossip

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති ලබාදුන් නියෝගය මෙන්න – හිටපු අගමැතිට මොකද මේ වෙන්නේ..? – Photos

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා.
මේ සම්බන්ධ ලිපිය පොලිස්පතිවරයා විසින් අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ වෙත යොමු කර තිබුණා.
ජනාධිපතිවරයා විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කර තිබෙන නිසා අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයට සහ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව යොදවා සිටි අතිරික්ත නිලධාරීන් ඉවත් කරන ලෙසද එම ලිපිය මගින් පොලිස්පතිවරයා දැනුම්දී තිබෙනවා.
ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට නිලධාරීන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පමණක් යොදවන ලෙසත් මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!