Gossip

මධූෂ්ගේ නම ඈඳුණු මහරගම කෝටි 700 දියමන්ති කොල්ලයට හවුල් වූ තවත් දෙන්නෙක්ට අද වෙච්ච දේ මෙන්න

මහරගම පොලිස් වසමේ දී 2018 නොවැම්බර් මස 05 වන දින සිදුව ඇතැයි සැලකෙන කෝටි 700 ක් පමණ වටිනා දියමන්ති හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑමේ සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විමර්ශනවලට අදාළව දියමන්ති හා මැණික් ගල් බැහැර කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අද(01) පිළියන්දල, මෑවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වු කුරුඳුවත්ත, රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා එම වයසේම පසුවන වැලිහිඳ, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් එක් සැකකරුවෙකුගේ බාප්පා කෙනෙකු මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බව ද පොලීසිය සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!