Gossip

බීමතින් රිය පදවා අවුරුදු 14ක දැරියක් සහ කාන්තාවක් අනතුරට ලක් කෙරූ ලාල්කාන්ත අද අධිකරණයට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා ඊයේ දහවල් සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ බීමතින් රිය පදවා අනතුර සිදු කිරීමේ චෝදනාව මත කේ.ඩි. ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගත් බවයි.

අද දහවල් 2.45ට පමණ අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ බන්ධනාගාරය අසල දි මෙම අනතුර සිදු ව ඇති අතර එම අවස්ථාවේදි කැබ් රථය පැදවු කේ.ඩි. ලාල්කාන්ත මහතා බීමතින් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔහු පැදවු කැබ් රථය යතුරු පැදියක ගැටි ඇති අතර එම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පැවසෙන්නේ. එප්පාවල – කටියාව පාරේ පදිංචිකාරියක් වන අතර තුවාල ලැබූ ඇගේ ඥාති දියණිය එප්පාවල – කැලේ දිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක්.

කෙසේවෙතත් අද දින ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!