Gossip

“මධූෂ්ගේ අනියම් බිරියට ලෝකයට පේන්න උපන්දින සාදයක් කරන්න ඕන වුණා – මම මේ වැඩේ අවදානම් කියලා අනතුරු ඇඟෙව්වත් මධූෂ් ගණන් ගත්තේ නෑ”

මාකඳුරේ මධුෂ් සමඟ අබුඩාබි පොලිසිය අත්අඩංගුවට ගත් තිස් එක් දෙනාගෙන් විසි තුන්දෙනකු මේ සතිය වන විට ලංකාවට පැමිණ හමාරය. නමුදු මොවුන් සියලු දෙනා සාමාන්‍ය ගුවන් මගීන් සේ මෙරටට එද්දී අත්අඩංගුවට ගැනෙන්නේ ගුවන්තොටුපොළේ සිටි රහස් පොලිසිය හා රාජ්‍ය ඔත්තු සේවාවේ නිලධාරීන් අවධානයෙන් සිටි නිසාය.

මධුෂ් සමඟ කොටු වූ කංජිපානි ඉම්රාන් නම් වූ මුස්ලිම් පාතාල නායකයා කටුනායක ගුවන් තොටට පැමිණ මාලදිවයිනට පනින්නට යන මොහොතේ අල්ලා ගත්තේද එම නිලධාරීන්ගේ උනන්දුව නිසාය.

කංජිපානි ඉම්රාන් මෙරටට පැමිණීම ගැනද බියට පත්වූ දේශපාලනඥයන් රැසක්ද කොළඹ කේන්ද්‍ර කරගෙන සිටි බව රහසක් නොවේ. කංජිපානි ඉම්රාන් මාකඳුරේ මධුෂ් සමඟ එක් වී ‘ඩ්‍රොප් මී’ නමින් ටැක්සි සේවාවක් අරඹන්නට රිස්කාන් නමැති තම මිතුරකු ඉදිරියට දමා කෝටි ගණනක් ආයෝජනය කරන්නේත් අනාගත වුවමනාවන් සඳහාය. මෙම වාහන කුලී ගමන් ගෙනයන අතරේ කුඩු ප්‍රවාහනය හා පාතාල ක්‍රියා සඳහා යොදා ගැනීමටද ඔවුන්ගේ අභිප්‍රායය. මාකඳුරේ මධුෂ් පමණක් මෙම කුලී රථ සේවාවට ආයෝජනය කර තිබූ මුදල රුපියල් කෝටි දහයකි. මධුෂ් හා කංජිපානිගේ කුඩු ජාවාරමෙන් ඉපැයූ මුදලින් ඇරැඹූ කුලී රථ සේවාවේ වැලිසර ශාඛාව විවෘත කෙරුණා.

රිස්කාන් වැන්නවුන් යොදවා මාකඳුරේ මධුෂ් හා කංජිපානි ඉම්රාන් රට පුරා ප්‍රධාන පෙළේ ආයෝජන රැසක් කර ඇති බව දැන් හෙළිවෙමින් පවතී. මධුෂ්ට කෝටි ගණන් වටිනා ට්‍රෝලර් යාත්‍රා රැසක්ම පවතින බවද රිස්කාන් දැන් හෙළි කර ඇත. මධුෂ් ඩුබායිවලට පැන ගිය පසුව ලංකාවට කිහිපවතාවක් පැමිණ ගොස් තිබුණේද මධුෂ්ගේම ට්‍රෝලර් යාත්‍රාවලිනි. මධුෂ්ගේ කුඩු තොග මෙරටට ගෙන එන රහසිගත සැලැසුම්වලදීත් බොහෝ අවස්ථාවල භාවිත කර තිබුණේත් මධුෂ්ගේ පවුලේ ඥාතීන් හා තම මිතුරන් නමින් ගත් ට්‍රෝලර් යාත්‍රාවලින් මධුෂ්ට දකුණේ ඇති සංචාරක හෝටල් හා ගොඩනැඟිලි ගැනද කංජිපානි ඉම්රාන්ගෙන් මෙන්ම කෝටි හත්සියයේ දියමන්තිය සමඟ ඇල්ලූ කැවුමාගෙන්ද හෙළිවෙමින් ඇත.

කැවුමා හෙළි කර ඇත්තේ මධුෂ් සතු වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි දහසකට වැඩි බවය. ඩුබායිවලින් මධුෂ් එම මුදල් ආයෝජනය කර ඇති බව කැවුමා මෙන්ම කංජිපානිත් හෙළි කර ඇත.

ලංකාව තුළ මධුෂ් යෙදූ මුදලින් කොළඹ ගොඩනැඟිලි හා සුපිරි සාප්පු සංකීර්ණද තිබූ බව කැවුමා හා කංජිපානි තොරතුරු හෙළිකර තිබිණි. මධුෂ්ට අයත් වත්කම් සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වනවිට විමර්ශන අරඹා ඇත්තේත් ඒවා රාජසන්තක කරන්නටය.

මධුෂ්ගේ රහස් මෙහෙයුම්කරු වූ කැවුමා අල්ලාගත් මොහොතේ පොලිසියට ගෙනිහිං කැවුමාගේ ඔත්තුකාරිය වූ මොරටුවේ පුස්තකාලයක සහායිකාව වූ තුෂාරි මේ ගැන රහස් රැසක් දන්නා බව පොලිසියේ විශ්වාසයයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මෙම කාන්තාව සොයා රට පීරද්දී එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කඩ වූ බවට කියා නඩු පවරන්නේ සැඟවී සිටින තුෂාරි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කැවුමා අල්ලාගත් මොහොතේත් පොලිසියට වී පාතාලයේ මුදලට කිඹුල් කඳුළු හෙලූ නීතිඥවරියන් කිහිපදෙනකුම පොලිසියට දැකගත හැකි විය.

මධුෂ්ට අයත් දේපොළ ගැන සොයායන මෙහෙයුමේදී තුෂාරිව කොටු කරගතහොත් තවත් තොරතුරු හෙළිකරගත හැකි බව විමර්ශන නිලධාරීන්ගේ විශ්වාසය විය.

මාකඳුරේ මධුෂ්ගේ සියලු රහස්වලින් බොහෝ දේ දන්නේ මධුෂ්ගේ අනියම් බිරිය වන දිලිනිත්, කංජිපානිත්, කැවුමාත්ය. කැවුමා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කාලයක් නොවුණෙන් කැවුමා දත් රහස් රැසක් කැවුමාම ගිල ගත්තේය.

මධුෂ්ගේ අනියම් බිරිය නොහොත් දිලිනි ඉෂාරා මහරගම කළු තුෂාරගේ බිරියයි. කළු තුෂාර 2012 වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මියගිය කුඩු මෝරෙකි. කළු තුෂාර මැරූ පළිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීවගෙන් ගන්නට දිලිනි එක්වන්නේ මාකඳුරේ මධුෂ් සමඟය. තුෂාර මියගිය පසු කුඩු ජාවාරම් කළ ඇය අපරාධ රැල්ල මෙහෙයවන්නට රටේ නම ගිය තරුණ නළුවකුද ළඟ තියාගෙන තිබුණේය. මේ නළුවා සමඟ බලයෙන් ධනවත් කතුන්ව ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථානවලදී හඳුනාගෙන එම කාන්තාවන් සමඟ අනියම් ඇසුරුකම් පවත්වා වීඩියෝ දර්ශන එළියට දමන බවට තර්ජන කර කප්පම් ගන්නා අමුතු තාලේ නළුවෙක්ය. ඔහු කළු තුෂාරගේ බිරියට කලක් හේත්තු වී අපරාධ ලොව බලය පෙන්නුවේ තමාගේ රැකවරණය උදෙසාය. මාකඳුරේ මධුෂ් ඇහැට කනට පෙනෙන කළු තුෂාරගේ බිරිය ලංකාවෙන් ගෙන්වා ගන්නේ මුහුදු මාර්ගයෙන් තම ආච්චි අම්මාගේ මළ ගෙදරට පැමිණ යන මොහොතේ දැකගත් පසුවය.

මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම ඉන්දියාවේ සිට මෙහෙයවන මීගමුව ෆොරෝස්ගේ මස්සිනා වන නවාස් යොදවා පොලිස් පරීක්‍ෂක රංගජීව මහතා පිළියන්දලට ගෙන්වා ගත්තේද මධුෂ්ගේ අනියම් බිරිය වන දිලිනිය. පිළියන්දලට කුඩු ඔත්තුවක් ලබාදී රංගජීව මහතා ගෙන්වා දෙන්නේ නවාස්ය. රංගජීවගේ ඔත්තුකරුට කුඩු ඔත්තුවක් දී මධුෂ්ගේ වෙඩික්කරුවන්ට කොටු කර දුන් පසුව ඔවුන්ව ඉන්දියාවට යවා ජාවාරම් කරගෙන යෑමට ඉඩ සලසා දෙන්නේත් දිලිනිය. මේ අනුව එම ඝාතන තැතට දිලිනි ඉෂාරාත් ලංකාවට ගෙන ඒමට හැකි වුවහොත් මධුෂ්ගේ තවත් රහස් රැසක් එළියට ගත හැකිය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සාදයේදී කොටුවන්නේ දිලිනි ඉෂාරාට ලෝකයාට පෙනෙන්නට උපන් දින සාදයක් පවත්වන්නට අවශ්‍ය වූ නිසාය. රතු පැහැයෙන් හෝටලයේ සාදය ඇති තැන සරසා රතු පැහැ ඇඳුම් පැලඳ උපන්දිනය සමරන්නට ලංකාවෙන් ගායක ගායිකාවන් ගෙන්වන්නට යෝජනා කරන්නේත් දිලිනිය.

දිලිනිගේ ආසාවට මධුෂ් ඉඩ දුන්නේ ප්‍රභූ ඝාතන සැලසුමක් කරළියට ඒමෙන් පසුව රහසිගතව ජීවත්ව සිටින මොහොතකදීය. මේ අවදානම් බව කංජිපානි ඉම්රාන්ද මධුෂ්ට අනතුරු අඟවා තිබුණත් මධුෂ් බිරිය දිලිනි ඉෂාරාගේ ආසාවට ඉඩ දුන්නේය.

කංජිපානි ඉම්රාන් සාදයට ප්‍රමාද වී යන්නේ මේ ගැන ඇතිවූ නෝක්කාඩුව නිසා බව ඔහු ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇත. සාදයට ප්‍රමාද වී ගියත් තම මිතුරාගේ පවුලේ අය එනතුරු මධුෂ් කේක් කපන්නට ඉඩ දී නොතිබුණේය.

මධුෂ්ව ලංකාවේ සිට අජිත් එරංග වර්ණකුලසූරිය නමින් ව්‍යාජ ගුවන් බලපත්‍රයක් සකසා ඩුබායි රාජ්‍යයට ගෙන්වා පාතාලයකු බවට පත් කළේත් කංජිපානි නිසා කංජිපානිට මධුෂ්ගෙන් ඇත්තේ වැඩි සැලකිල්ලකි. කංජිපානි එනතුරු තම දියණියගේ උපන්දින කේක් ගෙඩිය නොකපා සිටින්නට මධුෂ් කටයුතු කරන්නේ මේ නිසාය.

මාකඳුරේ මධුෂ් තම සගයාගේ කීම නොතකා සියලු දෙනාගේම බෙල්ලට තොණ්ඩුව දමාගත් බව කංජිපානි සිතන්නේය. මේ සියලු දෙනාගේ වතගොත, දේශපාලන සබඳතා සියල්ල මධුෂ් කරළියට ආ විට හෙළි කරගත හැකිය.

උපුටා ගැනීම – මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!