Gossip

ලසිත් මාලිංගට දඬුවමක්

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දඬුවමක් පනවා තිබෙනවා.

ඒ, නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසි නොසිටිමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනුයි.

අදාළ දඬුවම වුණේ ‘‘ඉමෝජි කලිසමක්” හෙවත් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇඳීමට සැලැස්වීමයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ සටහන්ව තිබුණේ මෙවර ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංග ඇතුළු තවත් ක‍්‍රිඩකයින් කිහිපදෙනෙකුට ඊයේ දිනය පුරා මෙම ”ඉමෝජි ඡායාරූප සටහන්ව තිබෙන කලිසම්” ඇද සිටිමට සිදුව ඇති බවයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන මහේල ජයවර්ධන විසින් පසුගිය වසරේ සිට මෙම ”ඉමෝජි කලිසම” ඇඳීමේ දඩුවම හදුන්වා දුන්නා. ඒ, නියමිත වේලාවට කටයුතු කිරිමේ යහපත් පුරුද්ද ඇති කිරීම අරමුණු කරගෙනයි. ඊට අමතරව කණ්ඩායම තුළ සිදු කෙරෙන තවත් වැරදි කිහිපයක් නිවැරදි කිරීමට ද එම දඬුවම ක්‍රියාත්මක වනවා.

මීට පෙර පසුගිය වසරේ තරගාවලිය අතරවාරයේදි මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මාට පවා මෙම දඩුවමට යටත්විමට සිදුවුණා.

කණ්ඩායම් රැස්වීමට ප‍්‍රමාද වී සහභාගි වූ යුවරාජ් සිංට, කණ්ඩායමේ වැඩසටහනක් සදහා කල්වේලා ඇතුව සහභාගි නොවු කිරාන් පෝලාර්ඞ් සහ කුවින්ටන් ඩි කොක් ඇතුළු මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් කිහිප දෙනෙකුටම එම දඩුවමට යටත්විමට ඊයේ දිනයේ සිදුවු බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!