Gossip

“මට හිටිය ලොකුම වස්තුව මට නැතිවුණා.. මගේ මහත්තයාගේ මිනිය ගේන්න වෙන්නේ ලබන මාසේ 3 වෙනිදලු. අනේ මට එච්චර දවසක් මෙහෙම පිච්චෙන්න බෑ.”

මාලී රාජ්‍යයේ සාම සාධක හමුදාවෙි සේවය සදහා ගොස් සිටියදි බෝමිබ ප‍්‍රහාරයකට ලක්විමෙන් මියගිය ශ‍්‍රී ලංකා යුධ හමුදාවෙි පාබල රෙජිමේන්තවේ කෝප‍්‍රල් එස් සමන්ත විජේකුමාර මහතාගේ සිය නිවස වන පොල්පිතිගම තලාකොලවැව රාවාඇල නිවසේදී ඒ මහතාගේ බිරිද අපට හමුවූ අවස්ථාවේදී ඇය මෙසේ හඩා වැටුනාය කෝප‍්‍රල් සමන්තගේ දේහය රැගෙන එතැයි අපේක්‍ෂාවෙන් ගම් වාසීන් සහ ඥාතීන් විශාල පිරිසක්ද සමන්තගේ බිරිද හා එක්ව හඩා වැටෙමින් නිවසේ දුක්මුසුව සිටින අයුරු අප එහි යන විට දැක ගත හැකිවිණි.
නිළ ඇදුමින් සැරසී සිටි පොල්පිතිගම පොලීසියේ නිලදාරීන් පිරිසක්ද එවෙිලෙහි සමන්තගේ නිවසේ රැදී සිටිනු දක්නට ලැබිණි.
රාවා ඇල කණිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති සමන්ත 8 ශ්‍රේණිය සමත් වීමෙන් පසු එවක යුධ හමුදාවට බැදී තිබුනේ 2003 වසර්දීය.
දඹුල්ල යුධහමුදා කදවුරෙන් මූලික පුහුණුව ලබා පසුව යාපනය ක‍්‍රියාන්විත රාජකාරියට සමබන්ධවී රට මුදවා ගැනීමෙි මෙහෙයුමටද සමන්ත නායකත්වය ලබා දී තිබුණි.
යුද ජයග‍්‍රහණයත් සමග සමන්තගේ බලාපොරොත්තුව තිබී ඇත්තේ දරු දෙදෙනාත් බිරිද සහ දෙදෙනාගේම දෙමාපියන් සමග හොදින් ජීවත් වීමය එම අරමුණින් තමන් මිලදී ගත් ඉඩමක ස්ථිර නිවසක් ඉදිකරන්නටද සමන්ත කටයුතු කොට තිබිණි
තවමත් අංග සම්පූර්ණ ලෙස වැඩ නිම නොකල එම නිවස දැනටද සමන්තගේ පදිංචි නිවස බවට පත්වී තිබිිණි.
දෙරු පියෙකු වන සමන්තට පෙර පාසැල් වයසේ දියණියක් සහ 4 වසරේ ඉගෙනුම ලබන දියණියක් සිටී සමන්තගේ බිරිද අප සමග හඩ අවදි කලේ මෙලෙසිනි.
අපි මෙි ගේ හදන්න පටන් ගත්තේ 2010 අවුරුද්දේ එතන ඉදලා නිවාඩු ඇවිල්ලා ටික ටික ගේ හදන්න කටයුතු කලාපස්සේ තමයි ඔය සාම සාදක හමුදාවට යන්න තෝරාගෙන කියලා කීවෙි 2017 අවුරුද්දේ අවසානේ විතර තමයි ගියේ දැන් ඒ ගොල්ලන්ගේ අවුරුද්දත් ඉවරවෙලා තියෙන්නේ හෙට අනිද්දා එන්න හිටියේ මට කථා කරලා කීවා දෙසැමිබර් තමයි අපට එන්න තියෙන්නේ කියලා.
ඉතින් දෙසැමිබර් කටිටියක් ආවා මෙයාට එන්න බැරි උනා එයා වැඩකරන වාහනේ දෙන්න කෙනෙක් නෑ කියලා මේ පෙබරවාරියේ එන්න මට ටිකටි එක හදලා එවන්න කීවා.
දැන් ඔය ටිකටි එක යවන්න තමයි හිටියේ ටිකටි එකටත් ලක්‍ෂ දෙක හමාරක් යනවා ඉතින් මෙි පෙරවාරියට ටිකටි එක අරන් යවන්න තමයි හිටියේ.
මොකද ඇවිල්ලා ආයෙ යන්නනේ ඉතින් මෙි ගේ වැඩ ටික ඉවර කරලා යන්නත් එක්ක තමයි එන්න හිටියේ.
මේ ගොල්ලො මෙි පහුගිය දෙසැම්බර් එන්න හිටපු අය නමුත් ආයේ මේ ගොල්ලො තියාගත්තනේ තව මාස දෙකක් ඒකෙන් තමයි ඔය වැඩෙි වුණේ.
දැන් ඉතින් කීවට පලක් නෑ මට මගේ මහත්තයා නැති වුණා.
මම කියන්නෙ මට වෙචිච දුක් ගින්දර තව කෙනෙකුට වෙන්න එපා මම ජනාධිපතිතුමාගෙන් අත් දෙක එකතු කරලා වැදලා ඉල්ලනවා ඒ රටේ මෙහෙම මැරෙන්න වෙනවා නම් අපේ ඉතිරි අයත් ආපහු ගෙන්වන්න කියලා.
ජනාධිපතිතුමාට පුලුවන්නේ එහෙම කරන්න. අනේ මට වෙචිච දුකක් නම් තව කෙනෙකුට වෙන්න එපා දැන් ආරංචියි මගේ මහත්තයාගේ මිනිය ගේන්න වෙන්නේ ලබන මාසේ 3 වෙනිදලු.
අනේ මට එචිචර දවසක් මෙහෙම පිචිචෙන්න බෑ. මෙහෙම විදවන්න තියන් නැතිව ඉක්මනින් ගෙන්වලා දෙන්න කියන්න.
ඇය විලාප තියමින් අඩන්නට විණි. සමන්තගේ ඡායාරූපයක් අප ඉල්ලා සිටිවිට ඔවුන්ගේ මංගල ඇල්බමය ඥාතියෙකු විසින් අප වෙත ඉදිරිපත් කලාය.
සමන්තගේ ලගම ඥාතී සොහොයුරෙකු අප සමග අදහස් පල කරමින් එයා දෙගිලිය කියන ගමේ ඉදලා මෙහේට ඇවිත් මෙහෙන් ඉඩමක් මිලදී අරගෙන තමයි ගේ එහෙම හදාගෙන හිටියේ.
එක් වාරයක් ඉන්දියාවටත් ගියා පුහුණුවකට ඒක ඉවර වෙලා ඇවිදින් පස්සේ තමයි අවුරුදු දෙකකට ඔය සාම සාධක හමුදාවට ගියේ එයාගේ දරුවො දෙන්නා ගෑණු ලමයිම දෙන්නෙක් එක්කෙනෙක් 4 වසරේ අනිත් දරුවා තවම පෙර පාසල් වයසේ ඉතින් එහෙම දරු දෙන්නෙකුට තමයි අද මේ තාත්තා අහිමි වුණේ.
අප සමන්තගේ නිවසින් සමු ගැනීමට කලින් පොල්පිතිගම ප‍්‍රාදෙශීය සභාවෙ සභාපතිවරයා සමන්තගේ නිවසට පමිණ අවමංගල උත්සවයේ ඉදිරි කටයුතු පිලිබදව සොයා බලනු ද දක්නට ලැබිණි.
මට හිටිය ලොකුම වස්තුව මට නැතිවුණා – සාම සාධක රාජකාරියේදී මියගිය කපිතාන්ගේ මව හඬමින් කියයි
‘මට තිබුණු ලොකුම සම්පත, වස්තුව නැති වුණා. මේ දුක මම කොහොම වාවන්නද දෙවියනේ.
මගේ පුතා ගෙදර එනකම් මම බලාගෙන හිටියේ. ඇයි මේ වගේ අපරාධයක් මගේ රත්තරන් පුතාට සිද්ධ වුණේ.’
බටහිර අප‍්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතු සඳහා ගොස් සිටියදී ඉකුත් සිකුරාදා (25 දා බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව මියගිය ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ කපිතාන්වරයකු වන පොළොන්නරුව, පුලස්තිගම පදිංචිව සිටි එච්. ඩබ්ලිව්. ඞී. ජයවික‍්‍රම (රණවිරුවාගේ මව වන යූ. ඞී. පේ‍්‍රමකාන්ති (59 මහත්මිය සිය ආදරණීය පුතුගේ හදිසි අකල් වියෝව දරාගත නොහැකිව එසේ විලාප නැ`ගුවාය.
මියගිය කපිතාන් ජයවික‍්‍රම පුතුන් සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් පිරිමි දරුවාය. ඔහුගේ බාල සහෝදරයන් තිදෙනාද ආරක්‍ෂක අංශවලට සම්බන්ධ අයවීම විශේෂත්වයකි. මේ රණවිරු පවුලේ තවත් පුතුන් දෙදෙනකු ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී සේවය කරන අතර බාලපුතු නාවික හමුදාවේ සේවය කරනු ලබයි.
පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් පුලස්තිගම බී. ඕ. පී. 398 ප‍්‍රදේශයේ දෙවැනි පරපුරේ ගොවියෙකු වන හටන්ගොඩ ජයවික‍්‍රම මහතා කපිතාන් ජයවික‍්‍රමගේ පියාණන්ය.
දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ලෙස හටන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික‍්‍රම උපන්නේ 1986 වසරේ නොවැම්බර් 13 වැනි දිනයි.
පොළොන්නරුව, පුලස්තිගම, අභයපුර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පොළොන්නරුව පුලස්තිගම විජිත මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී ඇත්තේ 2007 වසරේ දෙසැම්බර් මාසයේදීය.
ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන පාබල හමුදාවට උප ලූතිනන්වරයකු ලෙස සේවයට බැඳුණු ඔහු දියතලාව යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව නිමවා ඉන් අනතුරුව වැඩි කාලයක් රාජකාරිවල නිරතව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වලය. වසර 30 කට ආසන්න කාලයක් අප රටේ පැවැති කුරිරු ත‍්‍රස්තවාදයෙන් මාතෘ භූමිය බේරා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව දියත් කළ මෙහෙයුම්වලදී ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ගොදුරුව කපිතාන් ජයවික‍්‍රම මීට පෙර තුන් වතාවක් දිවි බේරාගෙන ඇත්තේ අනූ නවයෙ බව ඔහුගේ රණවිරු සොහොයුරෝ අප සමග කියා සිටියහ.
කිලිනොච්චිය, නන්දිකඩාල් වැනි සටන් පෙරමුණුවලදී ඔහු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවද අපට දැනගන්නට ලැබුණි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා බටහිර අප‍්‍රිකාවේ මාලි රාජ්‍යයට ශ‍්‍රී ලංකා හමුදා සාමාජිකයන් සම්බන්ධ කර ගනු ලැබූ අවස්ථාවේ කපිතාන් ජයවික‍්‍රම එහි ගොස් ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදීය. එහි වසරක සේවා කාලය අවසන් කර නැවත ඔහුට දිවයිනට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ පසුගිය වසරේ (2018 දෙසැම්බර් මාසයේදී නමුත් තවත් මාස 06 කින් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව කියති. ඒ අනුව ඔහුට යළිත් මෙරට පැමිණෙන දිනය මේ වසරේ මැයි මාසය තෙක් දිගුවී ඇත.
කපිතාන් ජයවික‍්‍රමගේ අම්මා පේ‍්‍රමකාන්ති මහත්මිය සිය පුතු ගෙදර එන දිනය උදාවන මැයි මාසය වන තෙක් ඇ`ගිලි ගනිමින් සිටි බව අප ඔවුනගේ නිවෙසට ගොඩවැදුණු මොහොතේ දැනගන්නට හැකි විය. එපමණක් නොව මියගිය කපිතාන්වරයා මෙරට පැමිණි පසු ඔහුගේ විවාහ මංගල උත්සවයද ගැනීමේ සූදානමක් තිබූ බව කපිතාන් ජයවික‍්‍රමගේ රණවිරු සොහොයුරෙකු අප සමග කීය.
සිය භද්‍ර යෞවනයේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දෙවැනි තන්හිලා කරන ලද කැපකිරීම් වෙනුවෙන් මේ අභීත රණවිරුවා රණශූර රණවීර විභූෂණ යන පදක්කම්ද හිමිකර ගෙන ඇත.
ගමේ, අසල්වැසි කාගේත් සිත් දිනාගෙන සිටි නිහතමානී තරුණයකු වූ කපිතාන් ජයවික‍්‍රම විදෙස් රටකදී අකල් මරණයකට ගොදුරුවූ පුවත සැලවීමත් සමග සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් ඔහුගේ නිවෙස වෙත ඇදී එන්නට පටන්ගෙන ඇත.
මියගිය කපිතාන්වරයාගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 04 වැනි සඳුදා බවද ඔහුගේ පවුලේ ඥාතීන්ගෙන් දැනගන්නට ලැබුණි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!