Gossip

“මට මිස්ව මරන්න කොන්ත්‍රාතුවක් දීලා තියෙන්නෙ. ලක්ෂ තිහකට… ඒක දුන්නෙ මිස්ගේ හස්බන්ඩ්. කොන්ත්‍රාත් එක ගත්තෙ වෙනත් ගෑනු කෙනෙක්. එයා මට වැඩේ බාර දුන්නා.”

ඉකුත් වසරේ ජූනි දාහ­තර වැනි දා එව­කට ගාල්ල නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ වත්මන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව බාර නියෝජ්‍ය පොලි­ස්පති නුවන් වෙද­සිංහ මහතා හමු­වී­මට පැමි­ණියේ කාන්තා­වකි. ගාල්ලේ, උණ­ව­ටුනේ විසු නිලුකා චාමලී නමැති එකී කාන්තා­වගේ ජීවි­ත­යට අත්වී­මට යන භයා­නක ඉර­ණමේ සියලු තතු එදින නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ඉදි­රියේ පව­ස­න්නට ඇයට අව­ස්ථාව ලැබිණි.

ඒ, ඇයව ඝාත­නය කිරී­මට වූ සැලැ­සු­මක් පිළි­බඳ හෙළි­ද­ර­ව්වකි. ඇය නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා හමු­වී­මට දින­කට පෙර එනම් දහ­තුන් වැනිදා යතු­රු­පැ­දි­ය­කින් ඇගේ නිවෙ­සට පැමිණ තිබුණේ මැදි­වියේ පිරිමි පුද්ග­ල­යෙකි. ඔහු නිලු­කා­ගෙන් විමසා තිබුණේ,

“මිස්… රට ඉන්නෙ කවුද?“

“මගේ කවු­රුත් රට නැහැ..“නිලුකා පිළි­තුරු දුන්නාය. පුද්ග­ලයා දිගින් දිග­ටම නිලු­කා­ගෙන් විමසා තිබුණේ,

“එහෙ­නම් ස්විස්වල ඉන්න ජයා කියන්නෙ කවුද?“

“ඒ මගේ මහ­ත්තයා…“

“හික්ක­ඩුවේ ගෑනු කෙනෙක් මිස් එක්ක තර­හද?“ නිලුකා කල්ප­නා­කා­රීව පුද්ග­ලයා දෙස බල­මින් පිළි­තුරු දුන්නාය.

“මට එහෙම තර­හ­කා­රයෝ කවු­රුත් නැහැ. ඉතින් ඇයි ඔයා මේවා මගෙන් අහන්නෙ.“නාඳු­නන පුද්ග­ලයා විම­සන්නෙ කුමක්ද යන්න නිලු­කාට තිබුණේ කුතු­හ­ල­ය­කිනි.

ඒත් එක්කම එම පුද්ග­ලයා කලි­සම් සාක්කුවේ තිබූ ලියුම් කව­ර­යක්ද ඇද ඡායා­රූ­ප­යක් පෙන්වීය. එම ලියුම් කව­රයේ නිලු­කාගේ නිවෙ­සට එන මාර්ග­යද ඇඳ තිබිණි.

“මේ පින්තූරේ ඉන්නෙ මිස් නේද?“ නිලුකා වික්ෂිප්ත වූවාය.

“ඔව් … මේ මගේ පින්තූ­ර­යක්“ ඇයට කියැ­විණි. අන­තු­රුව මේ පුද්ග­ලයා කී දෙයින් ඇය තිගැ­ස්සු­ණාය.

“මට මිස්ව මරන්න කොන්ත්‍රා­තු­වක් දීලා තියෙන්නෙ… ලක්ෂ තිහ­කට… ඒක දුන්නෙ මිස්ගේ හස්බන්ඩ්… කොන්ත්‍රාත් එක ගත්තෙ වෙනත් ගෑනු කෙනෙක්… එයා මට වැඩේ බාර දුන්නා.”

එදින ඇයව ඝාත­නය කිරී­මට එසේ පැමිණ පාපෝ­ච්චා­ර­ණය කර තිබුණේ 47 හැවි­රිදි තිදරු පියෙකි. ඔහු අම්බ­ල­න්ගොඩ, ගෝන­පී­නු­වල අයෙකි. එදින පැමිණි එම පුද්ග­ලයා අධික මුදල් හිඟ­තා­ව­කින් පෙළෙන හෙයින් ගැටලු රැස­කට මුහු­ණදී අන්ත අස­ර­ණව සිටි අයෙකි. කෙසේ හෝ ඔහුගේ අනු­ක­ම්පාව නිසා නිලු­කාගේ ජීවි­ත­යට එවර කිසිදු හානි­යක් නොවිණි.

පසුව නිලුකා නියෝජ්‍ය පොලි­ස්පති නුවන් වෙද­සිංහ මහ­තාට කළ පැමි­ණිල්ල අනුව ඔහුගේ උප­දෙස් මත ගාල්ල අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති දිනේෂ් නිශාන්ත ප්‍රමුඛ කණ්ඩා­ය­මක් සූක්ෂ්ම වැට­ලී­මක් කොට නිලුකා ඝාත­නය කිරී­මට සැලැ­සුම් කළ පිරිස අත්අ­ඩං­ගු­වට ගත්තේය.

එසේ නිලුකා ඝාත­නය කිරී­මට තැත් කළ අප­රා­ධ­කා­ර­යන්ගේ ප්‍රය­ත්නය එදින ව්‍යර්ථ වූයේය.

එහෙත් නිලු­කාට තව­දු­ර­ටත් මෙලොව දැකී­මට වාස­නාව උදා වූයේ හරි­ය­ටම මාස හතක් වැනි කෙටි කාල­යක් පමණි. ඒ නැවත වරක් අප­රා­ධ­කා­ර­යන් පිරි­සක් ඇය ඩැහැ­ගැ­නී­මට මාන බැලු හෙයිනි.

ඒ අනුව එකී අප­රා­ධ­කා­ර­යන් සිය කුරු­මා­නම ඩැහැ­ගෙන තිබුණේ පසු­ගිය නව වැනිදා රාත්‍රී 11.45ට පම­ණය. ඉතාම අමා­නු­ෂික ලෙස ඇයව ඝාත­නය කර තිබුණේ කපා­කොටා වෙඩි ප්‍රහා­ර­යක්ද එල්ල කර­මිනි. ඒ බව සනාථ වූයේ කරා­පි­ටිය රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රිනී සමාධි දන්දෙ­ණිය මහ­ත්මිය සිදු කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේ­දීයි.

උණ­ව­ටුනේ, යද්දෙ­හි­මුල්ලෙ විසූ 34 හැවි­රිදි නිලුකා පව­ත්වා­ගෙන ගිය සංචා­රක හෝට­ලය තුළ­දීම ඇයව ඝාත­නය කර තිබිණි. හත් හැවි­රිදි දරු පැටි­ය­කු­ගේද මවක වූ නිලුකා ඝාත­නය කළත් ඇගේ දරු­වාට සහ ඒ මොහො­තේදී සංචා­රක හෝට­ලයේ සේවයේ නියු­තුව සිටි කිසිම සේව­ක­ය­කු­ටද ඝාත­ක­යන් හානි­යක් කර නොති­බිණි.

මේ වන විට නිලු­කාගේ ඝාත­නය පිළි­බඳ හබ­රා­දුව පොලි­සි­යට අම­ත­රව නිලුකා ඝාත­න­යට මීට පෙර තැත් කළ අව­ස්ථාවේ සැක­ක­රු­වන් කොටු කර­ගැ­නී­මට සමත් වූ ගාල්ල පොලිස් ස්ථානයේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති දිනේෂ් නිශාන්ත ඇතුළු කණ්ඩා­ය­මද ගාල්ල දිසා බාර උසස් පොලිස් නිල­ධා­රින්ගේ අධී­ක්ෂ­ණය යටතේ විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

දැනට වාර්තා වී ඇත්තේ යතු­රු­පැ­දි­ය­කින් සහ මෝටර් රථ­ය­කින් පැමිණි පස්දෙ­නෙ­කු­ගෙන් පමණ සම­න්විත කණ්ඩා­ය­මක් නිලුකා ඝාත­න­යට සම්බන්ධ වූ බව­ටයි.

ඝාත­ක­යන් සියලු දෙනා කොටු කර ගැනී­මට පොලි­සිය සූක්ෂ්ම මෙහෙ­යු­මක් අරඹා ඇති බවත් නුදු­රේ­දීම සියලු දෙනාම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වෙතැයි පොලි­සිය පව­සයි.

නිලුකා ගාල්ල, උණ­ව­ටුනේ අත්ත­ර­ගොඩ පදිං­චි­කා­රි­යකි. ඇයව ඝාත­නය කිරී­මට 2012 වස­රේදී පමණ සිටම අවස්ථා කීප­ය­ක­දීම අප­රා­ධ­කා­රයෝ සැලැ­සුම් කළහ.

ඒ සිය­ලුම සැලැ­සුම් ඇගේ සැමියා විසින් සිදු කරන ලද්දක් බව­ටද අනා­ව­ර­ණය විය. පසු­ගිය කාලයේ මහත් ආන්දෝ­ල­න­ය­කට තුඩු දුන් ඇගේ ජීවි­තයේ සිදු වීම් පිළි­බඳ මාධ්‍ය­න්හිදී වාර්තා පළ විණි.

ඉකුත් වසරේ නිලුකා ඝාත­නය කිරී­මට සැලැ­සුම් කර තිබු­ණේද ඇගේ සැමියා විසිනි.

ජයන්ත දිසා­නා­යක නමැ­ත්තෙකු වන ඔහු මෙරට පුර­වැසි භාව­යද නැති ස්විට්ස­ර්ල­න්තයේ සහ ඉතා­ලියේ වෙසෙන අයෙකි. ඉකුත් වසරේ නිලුකා ඝාතන තැතට අත්අ­ඩං­ගු­වට පත්වූ සැක­ක­රු­වන්ට ජයන්ත රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් ලබා දෙන බවට පොරොන්දු වූ බවද එවර අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­ව­න්ගෙන් අනා­ව­ර­ණය විය.

එදින එම ඝාත­නය සැලැ­සුම මෙරට සිට ක්‍රියා­ත්මක කර තිබුණේ රජ්ගම ප්‍රාදේ­ශීය සභාවේ ලිපි­කා­රි­නි­යක ලෙස සේවය කළ කාන්තා­වකි. එදින නිලුකා ඝාත­න­යට පෙර පැහැ­ර­ගෙන ගොස් නිලු­කාගේ සැමි­යාට අන්ත­ර්ජාල වීඩියෝ ඇමැ­තු­මක් ගෙන ඇමැතු සැක­ක­රු­වන්ට සැමියා පවසා තිබුණේ,

නිලු­කාගේ සැමියා කිහිප වර­ක­දීම ඇය ඝාත­නය කිරී­මට සැලැ­සුම් කර තිබුණේ දේපළ පිළි­බඳ තිබෙන ආර­වු­ලක් හේතු­වෙනි. පසු­ගිය වසරේ නිලුකා ඝාත­න­යට අත්අ­ඩං­ගු­වට පත්වූ සැක­ක­රු­වන් සියලු දෙනාම මේ වන විට අධි­ක­ර­ණ­යෙන් ඇප මත නිද­හස්ව සිටින බවට ද සැලවේ.

එම නිසා මෙකී ඝාත­නය කවු­රුන්ද සිදු කළේ යන්න පොලි­සිය පුළුල් විම­ර්ශ­න­යක් සිදු කර­මින් සිටින බවත් ඝාත­ක­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ නිලුකා ඝාත­නයේ සියලු තතු හෙළි කර­ගැ­නී­මට හැකි වේයැ­යිද පොලි­සිය පව­සයි.

නිලු­කාට, ඇගේ සැමියා වන ජයන්ත හමු වී තිබුණේ 2012 වස­රේදී උණ­ව­ටුන ප්‍රදේ­ශයේ මහ­ම­ඟ­දීය. එලෙස මහ­ම­ඟදී දැකී­මෙන් අන­තු­රුව දෙදෙනා අතර හට ගැනුණේ පෙම් පල­හි­ල­ව්වකි. පසුව එම වස­රේ­දීම දෙදෙනා විවාහ වී ජයන්ත සතුව තිබූ උණ­ව­ටුනේ පර්චස් තිහක ඉඩ­මක දෙදෙ­නා­ගේම ස්වශ­ක්ති­යෙන් නිකේ­ත­න­යක්ද ඉදි කළහ. අන­තු­රුව ඔවුහු එම සංචා­රක නිකේ­ත­න­යේම පදිංචි වෙමින් සතු­ටින් ජීවත් වූහ. නිලුකා ඝාත­නය වූයේ එම සංචා­රක නිකේ­ත­නය තුළ­දීයි.

විවාහ වී දින කීප­යක් ඉක්ම යද්දීම දෙදෙ­නා­ටම අවශ්‍ය වී ඇත්තේ දරු පැටි­යෙ­කුගේ සුර­තල් බැලී­ම­ටය. ඒ අපේක්ෂා පල දර­මින් 2012 වස­රේ­දීම නිලු­කාගේ කුසේ දරු ගැබක් පිළි­සිඳ ගත්තාය.

එම දරු ගැබත් සමඟ දෙදෙනා අතර පවුල් ආර­වුල් හට­ගැ­නී­මට හේතු වී ඇති බවකි. එසේ ඇතිවූ පවුල් ආර­වුල් සඳහා ජය­න්තගේ හිත­මි­තුරු නීතිඥ යුව­ළක් ජය­න්තට දුන් උප­දෙස් බෙහෙ­වින් බලපෑ බව ඉකුත් වසරේ නිලුකා ඝාතන තැත පිළි­බඳ අප තැබූ සට­හ­නට ඇය පැවැ­සු­වාය. එදින ඇය වැඩි­දු­ර­ටත් කීවේ,

“ඒ සමඟ ඇති වූ ප්‍රශ්න නිසා මේ මනු­ස්සයා මාව මරන්න හැදුවා.

දූෂ­ණය කරන්න මැර‍යො යෙදෙව්වා. ඒ කාලේ ඒ අප­රා­ධය භාර දීලා තිබුණේ මනෝජ් මෙන්ඩිස් කියන මැර­යගේ ගෝල­යන්ට. මේ තාඩන පීඩ­න­ව­ලට එරෙ­හිව සියලු වග­කි­ව­යු­ත්තන් දැනු­වත් කළා. ඉන් කිසිම වැඩක් වුණේ නෑ. මං වෙනු­වෙන් පෙනී සිටියේ මාධ්‍ය විත­රයි…“

අව­සා­නයේ ජීවි­තයේ මල් වයසේ පසුවූ දරු පැටි­යෙ­කුට මවක අහිමි වෙද්දී තවත් බොහෝ කලක් ජීවන ගමනේ යාත්‍රා කිරී­මට තිබූ නිලු­කාට අකල් මර­ණ­යක් උරුම වූවාය.

ඊට වග­කි­ව­යුත්තෙ කවු­රුන් ද? නිලු­කාට හැල­හැ­ප්පිලි සහිත පවුල් දිවි­යක් උරුම වූයේ ඇගේ වර­දින් ද? නැති­නම් කිනම් හෝ බල­වේ­ග­යක ප්‍රති­ඵ­ල­යක් නිසා­වෙන් ද?

කෙසේ හෝ කලෙක සිටම ජීවි­ත­යට තිබූ තර්ජ­නය පිළි­බඳ නිලුකා යම් පම­ණක හෝ තැකී­මක් කළේ නම් ඇයට තවත් කලක් ජීව­ත්වී­මට වාස­නාව තිබෙ­න්න­ටද හැකි­යාව තිබිණි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!