Gossip

“ඔයාට ගොඩක් පිං.. i8 Lamborghini දැකලවත් නැති අපිව ඒ තත්ත්වෙට එනකං පරිස්සම් කළාට.. අවුරුදු 17 න් Prius එකක් අරගෙන මුලින්ම ආවේ හරියට ගඩොලක්වත් බැදලා නැති ඔයා ළඟට.”

ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහළ වේවා.
මේ බුදු වදන ඔබටත් හොඳට හුරු ඇති. මේ වදන නිසා කා අතරත් ජනප්‍රිය වුණු චරිතයක් තමයි දිලිණ දක්ෂිල.
පුංචි වයසෙන්ම BMW i8 රථයක හිමිකාරියෙක් වුණු මේ තරුණයාව වෙබ් ගොසිප් අපි හොයාගෙන ගියා.
ඔහුව ආයෙමත් අපි ඔබට මතක් කරන්න හිතුවේ ඔහු සිය මුහුණුපොතේ තැබූ සටහනක් නිසයි.
ඒ තමන් ඉස්සෙල්ලම ජීවත් වුණු අගහිගකම් ගොඩක් තිබුණු නිවස ගැනයි.

එම සටහන පහතින්…

ගොඩක් පින් අපේ ගෙදරට. i8,Lamborghini දැකලවත් නැතිව අපි ඒ තත්වෙට එනකන් පරිස්සම් කරාට…scl uniform එක වැස්සට තෙමුනට කවදාවත් තරහක් නෑ.
මොකද ඔයා මට ජීවිතේ ඉගැන්නවා…කොච්චර බඩගින්නේ හිටියත් වැස්සට තැන් තැන් වල තෙමුනට අව්වෙන් බේරුවා…
StreetView බලන්න ඕනා නෑ…හැමදාම ඔයා දිහයි අහස දිහයි පාරට වෙලා මන් බලන් ඉන්නවා… කවද්ද මගේ හීනෙට යන්නේ කියලා… පොල්සම්බෝලේ රස තාම මතකයි… අද නෑදෑයෝ ඇති තරම් හිටියට එදා තනියෙන් මාව මගේ ගමනට එක්කන් ගියා… ගෙදරට කේබල් internet නෑ…අක්කගෙ Lap එකට Dongle එක ගහලා රෑ එලි වෙනකන් සිග්නල් හෙව්ව ගල් ගොඩ උඩට වෙලා…
තාත්තගේ කැඩිච්ච බයික් එක ගේ ඉස්සරහ. බස් එක නෑ;අරගෙන ගිහින්…හැබැයි පිට බස් වල කොන්දොස්තර විදිහට යන්න මට හයිය දුන්නා
ඔයා. මාව නැගිට්ටුව මාගෙ පුංචි ගෙදරට පණ වගේ ආදරෙයි…මාව මෙතනට් ගෙනවේ ඔයා…කිසිම කෙනෙක් දන්නේ නැති පුංචි මන් අවුරුදු 17න් Prius එකක් අරන් එක්කන් ආවේ ගඩොලක් හරියට බැදල නැති ඔයා ලගට. ආදරෙයි…ආඩම්බරයි…මන් පටන් ගත්තේ මෙතනින්…මගෙ දුප්පත්කම මට ආඩම්බරයක් !!!
කවදාවත් අතාරින්න එපා… උත්සහයෙන් වැඩ කරන්න…වාසනාව තියෙන්නේ කෝටිපතියන්ට…දුප්පත් අපිට තිබ්බේ උත්සාහය. ඒක මතක තියගෙන වැඩකරන්න.වරදින් නෑ.

තෙරුවන් සරණයි !!!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!