Gossip

මට ජීවිතේ ගැන බයක් ආවා – ඒ බයට මම හැමදේටම ඔළුව හෙළෙව්වා – අම්පාරේ ආපන ශාලවේ හිමිකරු පළමුවරට මාධ්‍යයට කිව්ව කතාව

අම්පාර ප්‍ර දේශයේ ආපන ශාලාවකින් ගත් ආහාරවල වඳ බෙහෙත් තිබුණා යැයි කියූ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුණා.
ඉතින් මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා.
එහෙත් පළමුවරට ආපන ශාලාවේ හිමිකරු වන ඒ. එල්. ෆර්සිත් මේ සිදුවීම මාධ්‍යයට කියලා තිබුණේ මේ විදියට.
ආපන ශාලාවකින් මිලදීගත් ආහාරවල වඳ බෙහෙත් කිබුනායැයි කියන සිදුවීමක් මුල්කරගත් ගැටුම පසුගිය දිනකිහිපයේම ආන්දෝලනාත්මක තත්වයක් ඇති කලා.
මෙම සිදුවීම පිළිබඳව විවිධ පාර්ෂව විවිධ අදහස් දක්වද්දී ආපන ශාලාවේ හිමිකරුත් මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යයට කියලා තිබුණා.
ඒ. එල්. ෆර්සිත් නමැති අදාල ආපනශාලාවේ හිමිකරු එම සිදුවීම පිළිබඳව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ මෙවැනි අදහසක්. ඇත්තටම මොකද වුණේ?
මම මගේ කඩය පටන් අරන් මාස තුනයි. කුළී පදනමෙන් තමයි මේ කඩය අරගත්තෙ. සිංහල මුස්ලිම් ගොඩක් දෙනා මගේ කඩයට එනවා.
මේ සිද්ධිය වූ දා රෑ 10ට විතර මේකට මුල් වූ තැනැත්තා ඇවිත් හරක් මස් ඉල්ලුවා. මගේ කඩේ රෑ හත – හතහමාර වෙද්දි හරක් මස් ඉවර වෙනවා.
ඒ හින්දා මම මගේ සේවකයින්ට කන්න තියෙන හරක් මස් ඔහුට යැව්වා. හරක් මස් විතරද? හරක් මස් එක්ක පරාටා යැව්වා.
තව කුකුළු මස් හොදි එක්ක පරිප්පු යැව්වා.
ඉන් පස්සෙ? පරාටා එකේ පොඩි පිටි ගුලියක් තිබිලා තියෙනවා. ඒක වේටර් කෙනෙක්ට පෙන්නලා ඔහු ප්‍රශ්න කරලා තියෙනවා.
පස්සෙ මගේ ළඟට ඇවිත් කරදර කරන්න ගත්තා. එතන හිටි තව සිංහල මිනිසුන් දෙන්නෙක්ට මේ තැනැත්තා කිව්වා මේ ගැන.
පස්සෙ ඔහු කෝල් එකක් ගත්තා.
ඔහු විතරද ඒ වෙලාවෙ හිටියේ? ඔව්, ඔහු විතරයි. ඒත් ‘කෝල්’ එක ගත්තට පස්සෙ තව හතර දෙනෙක් ආවා.
ඊට පස්සෙ බලාගෙන ඉද්දි තිහ – හතළිහක් දෙනා මගේ කඩේට ආවා. මගේ ‘ස්ටාෆ්’ ඔක්කොම පහක් ඉන්නවා. ඒ එක්කෙනෙක්ගෙ කණටත් ගැහුවා.
ඒවා වීඩියෝවෙ නැහැ? ඔව්, වීඩියෝව කළේ ඉන් පස්සෙ. මට ජීවිතේ ගැන බයක් ආවා. ඒ බයට මම හැමදේටම ඔළුව හෙළෙව්වා.
මම සිංහල වචන හුඟක් දන්නෙ නෑ. වෙළඳාමෙදි පාවිච්චි කරන වචන ටිකක් දන්නවා.
ඔවුන් ඇසුවෙ මොනාද කියලා මට තේරුණේ නෑ.
වඳ බෙහෙත් කියන වචනෙ මම දැනගෙන හිටියෙත් නෑ. පොලිසිය ආවෙ නැද්ද?
ටික වෙලාවකින් පොලිසිය ආවා. කෑම පොලිසිය භාරයට ගත්තා. තාම ආහාරවල මොකුත් තිබුණද හොයාගෙන නෑ. මගේ යාළුවො ඇවිත් කිව්වා මාව අත්අඩංගුවට ගත් හේතුව.
මම පොලිසියට ගියාට මගේ ජීවිතේට කිසිම අනතුරක් නොවෙන්න පොලිසිය මාව හොඳින් බලා ගත්තා. ඒත් මගේ කඩේට එහෙම වුණේ නෑ. ඒ කිව්වෙ? මගෙ කඩේ සීල් තියලා තිබුණේ සියල්ල විනාශ වුණාට පස්සේ. ලක්ෂ ගණනක් වටිනා ශීතකරණයක් එක්ක බඩු ගණනාවක් විනාශ කරලා තියෙනවා.
එයින් වුණ පාඩුව මට දරා ගන්න අමාරුයි. නිදහස් කළේ කවද්ද?
අත්අඩංගුවට ගත් දිනට පසු දින අඟහරුවාදා මාව නිදහස් කළා. දැන් කඩේ ආයෙ පටන් ගන්නවාද? ඊට කලින් මට වුණ හානිය ගැන හිතන්න වෙනවා. මගේ ගැන වීඩියෝ පවා පළවුණා. මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා. මම මේකට ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට යන්නත් අදහස් කරගෙන ඉන්නවා.
අනික් පිරිස සමාදාන වෙන්න කැමති බව ආරංචි වෙනවා. ඒත් මට වූ හානිය එයින් පියවෙන්නෙ නෑ. ඒ නිසාම මට නීතිය හමුවට යන්න වෙනවා. ඊට පස්සෙ?
ඊට පස්සෙ මගේ කඩේ ආයෙ පටන් ගන්න ඉන්නවා. ඒක පටන් ගත්තට මම කාටවත් භේද කරලා සලකන්නෙ නැහැ. හැමෝටම කන්න දෙනවා. ඒත් එදා හිත ලොකු බයක් ඇති වුණා. ඒක තාමත් තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!