ගම්පොල පුස්සැල්ලාව, අටබාගේ ප්‍රදේශයේ පාසලක සිසුවියක් පාසල තුළදී හදිසියේ රෝගී විම හේතුවෙන් මියගොස් තිබෙනවා.
අද (02) දහවල් පාසලේ නර්තන කාමරය අසලදී ක්ලාන්ත වී ඇති එම සිසුවිය ගම්පොල රජයේ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 15 හැවිරිදි මිල්ලගහතැන්න, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.
මළ සිරුර ගම්පොල රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරිමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.