Gossip

මට ආදරය කරපු රසික, රසිකාවියන් ගොඩදෙනෙක් ඉන්නවා. ඔවුන්ට මම හැමදාමත් ආදරෙයි -අචලා අලස්

මොන තරම් ශිල්පිනියන් මේ ක්‍ෂේත්‍රයට එකතු වුණත් ඔබ නැති හිඩැස කාටවත් පුරවන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ?
ඒ කාලේ අචලා කියන්නේ රසික රසිකාවියන්ගේ උන්මාදයක්.

ඒත් අද ඔබ නිහඬ ඇයි?
මට ආදරය කරපු රසික, රසිකාවියන් ගොඩදෙනෙක් ඉන්නවා. ඔවුන්ට මම හැමදාමත් ආදරෙයි. ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න මම උත්සාහ කරනවා.අද නළු නිළියන් අතර තිබෙන තරගකාරිත්වය වැඩියි.

ඔබ පැමිණි කාලෙත් මේ වැනි තරගකාරිත්වයක් තිබුණද?
මිහිකතගේ දරුවො, ඇල්ල ළඟ වලව්ව ටෙලිනාට්‍ය කරන කාලේ අධ්‍යක්‍ෂවරු මගේ පස්සෙන් ආවේ ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගන්න. ඒ තරමට ලොකු ඉල්ලුමක් තිබුණා මට. මම බැහැ බැහැ කියද්දි තමයි මම ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ. එදා තිබුණෙ තරගකාරිත්වයක් නොවේ ගුණාත්මක නිර්මාණ කලාවක්. රූපවාහිනී නාළිකා දෙකයි තිබුණේ. සතියක් බලාගෙන ඉන්න වෙනවා ඊළඟ කොටස රසවිඳින්න. හැබැයි එදා ප්‍රේක්‍ෂකයන්ට ඒ මවපු චරිතය හොඳට මතකයි. හැබැයි මම නිර්මාණ ඉල්ලගෙන පස්සේ ගියේ නැහැ.

මේ දවස්වල අචලාගේ ජීවිතය දරු සුරතල් එක්කමයි වගේ නේද ගෙවෙන්නේ?
මගේ ජීවිතය හැමදාමත් සතුටින් තමයි ගත කරන්නේ. දැන්නම් ඉතින් ඉහටත් වඩා සතුටුයි. මම දැන් ආච්චි කෙනෙක් වුණු නිසා. මගේ දවසේ වැඩිපුර කාලය ගෙවෙන්නේ මගේ දූ පැටියා එක්ක තමයි. මගේ දුවට දරුවෙක් ලැබුණු නිසා දුවට උදව් දීගෙන දරුවා බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා. තරුණ වයසෙදීම මම විවාහ වුණු නිසා දැන් ඉතින් තරුණ වයසෙදිම මගේ දරුවන්ගේ දරුවන් බලාගන්නත් පුළුවන් වුණා.

එදා වගේම අදටත් ඔබ අපට රූප සුන්දරියක්. ඒත් ඔබ නිර්මාණවලින් ඈත්වෙලාද?
ඔබේ ආදරණීය රසික රසිකාවියන් අතරට යන්න අදහස් නැද්ද?ආරාධනාවක් ලැබුණේ නැහැ. හොඳ නිර්මාණ පිටපතක් ලැබුණොත් ආශාවෙන් භාර ගන්නවා. මම කලාවෙන් ඈත් වෙලා නැහැ. නිර්මාණවලින් ආරාධනා අඩුයි. අනෙක දැන් අලුත් පිරිසක් එකතු වෙලා ඉන්නවා අපි නතර වුණු තැන්වල හිඩැස පුරවන්න. ඒ ගැන අපටත් සතුටුයි.

උපුටා ගැනීම..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!