Gossip

මගේ ළඟට ඇවිත් කිව්වා. ‘ඔයා අද නම් හරිම ලස්සනයි’කියලා – සාර්ථක පවුල් ජීවිතයකට ලස්සන වැදගත් නැහැ – නිලන්ති ඩයස්

නිලන්ති ඩයස් කියන්නේ මේ වෙද්දි ක්ෂේත්‍ර යේ ඉන්න දක්ෂම රංගන ශිල්පිණියක්. ඒ වගේම නර්තන ශිල්පිණියක්. ඉතින් මේ ඇය ඇගේ ලස්සන ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

ලස්සන යනුවෙන් ඔබ අදහස් කරන්නේ?
ම්….. මම පෞද්ගලිකවම හිතන්නේ නම් ලස්සන කියන්නේ මුහුණේ ලස්සන විතරක්ම නොවෙයි. අපේ හදවතත් ලස්සන විය යුතුයි. හදවතින් ලස්සන වෙනකොට බාහිර පෙනුමත් ඉබේම ලස්සන වෙනවා.

ඔබත් එන්න එන්නම ලස්සන වෙන්නේ ඒ නිසාද?
ඔව්. ඇත්තටම මම ජීවිතේ දෙස බලන්නේ හරිම ධනාත්මක විදිහට. පුළුවන් හැම වේලාවේදීම සිතුවිලිවලින් පවා යහපත් විය යුතුයි කියා සිතනවා. ඊට අමතරව මම හැමදාම හිතනවා ‘මම ලස්සනයි’ කියලා. ඒ සිතුවිලි මටම ආශිර්වාදයක් වෙනවා කියලා විශ්වාස කරනවා. අපි යහපත් දෙයක් ප‍්‍රාර්ථනා කළොත් අපට කවදාවත් අයහපත් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

හැමදාම ලස්සනට හිටියත් ඔබට මතකද ඔබ ලස්සනටම හිටපු දවස?
ඔව්. මීට අවුරුද්දකට විතර උඩ දී ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙන්න මම පීච් කලර් ඔසරියක් ඇඳලා, කොණ්ඩයට පිච්ච මල් ගහලා සැරසුණා. එදා මගේ අම්මී මගේ ළඟට ඇවිත් කිව්වා. ‘ඔයා අද නම් හරිම ලස්සනයි’ කියලා. ඉපදුණු දවසේ ඉඳලාම මගේ හුස්ම ගැනීමේ රිද්මයේ ඉඳලා අම්මි අඳුරනවා. මම කරනා විලාසිතාවලදී මාව මුලින්ම අගය කරන්නේ අම්මී. අම්මී එදා කියපු ඒ වචනය මට තාමත් අමතක වෙන්නෑ.

ලස්සන ඉස්මතු වන විදිහට විලාසිතා තෝරා ගන්නේ කොහොමද?
වෘත්තියෙන් රංගන ශිල්පිනියක් වුණත්, මම සාමාන්‍ය කෙනෙක්. තැනට ගැලපෙන විදිහට විලාසිතා කරන්න මම කැමතියි. සාමාන්‍ය ගමනකට සහභාගි වෙනකොට සරළ පහසු ඇඳුම් තෝරා ගන්න කැමතියි. ඩෙනිමයි ටී – ෂර්ට් එකයි සාමාන්‍ය ගමනට තෝරා ගන්නවා. දිග ගවුම් ලෙහෙන්ගා ඇඳුම් වගේම සාරියක් මගේ ඇඟට හොඳට ගැළපෙනවා කියලා හිතනවා.

ඇඟේ හැඩය තියා ගන්න මොකද කරන්නේ?
රඟ පෑමට අමතරව නර්තන කටයුතුවලත් නිරතවෙන කෙනෙක් විදියට ඇඟේ හැඩය ගැන නම් මම සැලකිලිමත්. නර්තනයේ යෙදෙනකොට උදරය වැඩිපුර තිබීම අවලස්සන නිසා උදරය නෙරා ඒම වළක්වා ගැනීමට දිනපතා ඒ වෙනුවෙන් සරළ ව්‍යායාමයක නිරත වෙනවා. ඊට අමතරව මම නර්තන කටයුතුවල නිතර නිරත වන නිසා ඇඟේ හැඩය ඒ අයුරින්ම තියාගන්න හැකි වී තිබෙනවා.

සමේ පැහැය තියා ගැනීමට මොනවාගේ දේවල්ද කරන්නේ?
ස්වාභාවික දේවල්වලට මුල් තැන දෙනවා. සතියකට වරක් පිරිසිදු පොල් තෙල් ස්වල්පයකට සුදු සීනි ටිකක් දමා මුහුණ ස්ක‍්‍රබ් කරනවා. එමඟින් මැරුණු සම ඉවත් වී සම හොඳින් පිරිසිදු වෙනවා. ඊට අමතරව කෝපි කුඩුවලට මී පැණි ස්වල්පයක් මිශ‍්‍රකර එයට දෙහි බිංදු කිහිපයක් දමා සාදා ගන්නා පැක් එක පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 15×20 ඉඳලා පිරිසිදු වතුරෙන් සෝදනවා. එම ස්වාභාවික ආලේපනයෙන් සම ශක්තිමත් වී රැළි වැටීම වැළකෙනවා. සමේ තෙතමනය රැක ගැනීමට පිපිඤ්ඤා ඉස්ම ගල්වනවා. ඊට අමතරව සමේ තෙතමනය ආරක්ෂා වන ආලේපනයක් භාවිත කරනවා. පලතුරු, එළවළු, පළා වර්ග වැඩිපුර කෑමට එක්කර ගන්නවා.

ලස්සන කොණ්ඩයකට හිමිකම් කියන ඔබ, ඒ වෙනුවෙන් මොනවද කරන්නේ කියලත් දැන ගන්න ආස ඇති?
සතියකට දෙතුන් වරක් පිරිසිදු පොල් තෙල්වලට විටමින් ඊ කරලක් මිශ‍්‍රකර හිස ගල්වා හොඳින් මසාජ් කරනවා. ඊට අමතරව උළුහාල් දෙහි දමා තම්බා එම පල්පය හිස ගල්වා පැය බාගයක් ඉඳලා නානවා. මේ සත්කාර මඟින් හිස කෙස් හොඳින් ආරක්ෂා වෙන අතරම අකලට වැටීම ආදිය නතර වෙනවා.

විවාහ ජීවිතයක් ලස්සන වෙන්න බිරිඳකගේ ලස්සන කොච්චර වැදගත් වෙනවාද?
සාර්ථක පවුල් ජීවිතයකට ලස්සන වැදගත් නැහැ. පවුල් ජීවිතයක සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ දෙදෙනා තේරුම් ගැනීම, අන්‍යෝන්‍ය බැඳීම, වගකීම් යුතුකම් ඉෂ්ඨ කිරීම, අදහස්වලට ගරු කිරීම වැනි කරුණු කිහිපයක්.

බොහෝ කාන්තාවන් නගන චෝදනාවක් තමයි අපිට අපේ ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා එයට ඔබ එකඟද?
නැහැ. පවුලේ අය ගැන හිතනවා වගේම තමා ගැනත් හිතන එක වැදගත්. අම්මා ලස්සනට ඉන්නවාට දරුවෝ ආසයි. ඔයාගේ බිරිඳ ලස්සනයි කියලා අහන්න ස්වාමියා කැමතියි. ඒ නිසා නිවසේදීම හරි පුංචි පුංචි දේවල් ලස්සන රැක ගන්න කාන්තාවකට කළ හැකියි.

ලස්සන නිසාම කෙනෙකුට සමාජයේ ඉඩක් ලැබෙනවා කියා හිතනවාද?
ඔව්. යම් තරමකට අපි ප‍්‍රියමනාපව නිවැරදි පෞරුෂත්වයකින් සිටිනවා නම් ඕනෑම තැනකදී අපව කැපී පෙනෙනවා. පිළිගැනීමක් ලැබෙනවා. ලස්සනට ඉන්නකොට අපිට අපේ ගැනම අභිමානයක් ලැබෙනවා. ඒ එක්කම ඕනෑ තැනකට යා හැකියි යන එඩිතර අභිමානයක් ගොඩනැගෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!