Gossip

“මගේ රත්තරං තාත්තා දැන් නැතිවෙලා ඉවරයි..මගේ තාත්තට වෙච්ච දේ මට දරාගන්න බැහැ”

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි යොවුන් ක්‍රීඩකයෙකු වන ධනංජය ද සිල්වාගේ පියා පසුගියදා වෙඩි තැබා ඝාතනය කර තිබුණා.
මෙම හදිසි අභාවය නිසා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවලංගු කරමින් ධනංජය සිය නිවසට පැමිණියා.
තම පියාගේ මෙම හදිසි වෙන්වයාමෙන් දැඩි ශෝකයට පත්ව සිටින ධනංජය මාධ්‍යයට මෙලෙස සිය සංවේදී හැඟීම වචන කර තිබුණා.
“තාත්තා දැන් නැතිවෙලා ඉවරයි. ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් එයා මගෙන් බලාපොරොත්තු වුණු දේ මං ඉදිරියටත් කරගෙන යනවා.
මාත් එක්‌ක සතුටින් වචනයක්‌ හරි කතා කරන්න හිටිය මගේ තාත්තට වෙච්ච දේ මට දරාගන්න බැහැ”වෙච්ච දේවල් දැන් හැමෝම දන්නවා.
පොලිසියේ පරීක්‍ෂණ සිදුකරගෙන යනවා. අපේ ගෙදර තත්ත්වය නම් දුක්‌බරයි.
මොකද තාත්තා තමයි ගෙදර හැමදේම කළේ. එයා තමයි මුල ඉඳන්ම මගේ පස්‌සෙන් හිටියේ. එයා අපේ ඉගෙනීමට වුනත් වැඩිය ෆුෂ් කරන්න ගියේ නැහැ. මට ක්‍රිකට්‌ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් නිසා තාත්තා ඒ පැත්තෙන් තමයි ගොඩක්‌ම හිතුවේ.
මාත් එක්‌ක තාත්තා හැම වෙලාවෙම සතුටින් කතා කළේ. එයා මම ක්‍රීඩාකරන මැච් පවා බලන්න ආවා.
හැම තාත්තා කෙනෙක්‌ වගේම මගේ තාත්තත් බොහොම සතුටින් හිටියා. තාත්තා බලාපොරොත්තුවුණු දේ ක්‍රිකට්‌වලින් මං කළා. තාත්තා බලාපොරොත්තු වුණු දේ මං ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඉදිරියටම කරගෙන යන්නයි බලාපොරොත්තව.
මේ වගේ අවාසනාවන්ත දේවල් ඉදිරියටත් නොවෙන්න පාලකයින් වග බලා ගන්නවා නම් හොඳයි. මගේ රත්තරං තාත්තා නැතිවීම මට ගොඩක්‌ දුකයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!