තරු හුට පට

මගේ පළමු පෙම ඛේදවාචකයක්…

රන්ජන් රාමනායක කියන්නේ කලා ලෝකයේත්  දේශපාලන ලෝකයේත්   දිදුලන තරුවක් කියලා අපි කවුරුත් දන්නවානේ.

හැබැයි ඉතින් රන්ජන් තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.

රන්ජන් සිනමාවේ සුන්දර යුවතියන් එක්කනම් ඉතා සුන්දර  ආදර චරිතවලට රංගනයෙන් දායක වෙලා තියනවා.

හැබැයි ආරංචියේ හැටියට සැබෑ ජීවිතයේදී රන්ජන්ට පෙම්වතියන් ඉදලා තියනවා.

ඒ පෙම්වතියන් අතරින් රන්ජන්ගේ ප්‍රථම ප්‍රේමය ගැන පසුගිය දවසක හෙළි කළා.

ඒක රන්ජන්ගේම වචනෙන්ම කියනවානම් ඔහුගේ පළමු ආදරේ ඛේදවාචකයක් ලු.

රන්ජන් ඒ ගැන කියන්නේ මෙන්න මේ විදියටයි.

“ප්‍රේමය පටන් අරගෙන ප්‍රේම කළාට ස්ථිර ප්‍රේමවන්තයෙක් වෙන්න මට බැරිවුණා. මගේ මුල්ම ප්‍රේමයත් ඛේදවාචකයක්. ඒක ඒක පාර්ශ්වීය ප්‍රේමයක්. මම ප්‍රේම කරලා තිබුණේ මගේ පන්තියේ යාළුවෙකුගේ ප්‍රේම වන්තියට. ඒක දැනගෙන මගේ යාළුවා මාව රැවැට්ටුවා. අර ගෑනු ළමයා ලියන විදියට මට ලියුම් එව්වා. නමුත් අර කෙල්ල දිහා මම බලනකොට කෙල්ල මට රවනවා. ඊළඟ දවසේ ලියුමේ ලියලා යවනවා ඇයි අනේ ඔයා මට රවන්නේ කියලා. එතකොට ලියලා එවනවා සීයා දකියි කියලා. මම අම්මගෙන්, අක්කගෙන් සල්ලි හොරකම් කරගෙන ගිහින් තෑගි අරන් දෙනවා. ඒවා ඔක්කොම අර යාළුවා අරගෙන තිබෙන්නේ. අන්තිමේ මගේ තව යාළුවෙක් මට ඇත්ත පැහැදිලි කරලා දුන්නා.“

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!