Gossip

“මගේ අදහස් ඔහුගේ අදහස් එක්ක හොඳටම ගැළපෙන නිසා මම ඔහුට කැමැති වුණා” – ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන මංගල ගමනට සැරසෙයි

විනූ සිරිවර්ධන කියන්නේ කවුරුත් දන්න රසික හදවත් ආදරයෙන් වැළඳගත් තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක්.
ඇය ළඟදීම යුගදිවියට පා තබනවා කියලා හැමතැනම වගේ ආරංචි පැතිරෙනවා.
ඒ ගැන විනූ සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

විනූ සිරිවර්ධන කියන ජනප්‍රිය නිළිය මේ දවස්වල විවාහයට සූදානම් වෙනවා කියන්නේ ඇත්තක්ද?
නැහැ, නැහැ (සිනා) ළඟදීම නම් නමෛයි. ඒත් මම විවාහ වෙනවා.
මේ දවස්වල හුඟක් අය මගෙන් අහන්නෙත් විවාහය ගැනම තමයි. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේදී හැමෝම ඇහුවා දැන් පෙම්වතෙක් ඉන්නවද කියලා. දැන් හැමෝම විවාහය ගැන අහනවා. මම හිතන්නේ මම දැන් පෙම්වතියක් කියලා දන්නා නිසා වෙන්න ඇති ඒ ප්‍රශ්නේ නිතරම මගෙන් අහන්නේ. (සිනා)

එතකොට විනූගේ අනාගත සහකරු කවුද?
මගේ පෙම්වතා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නමෛයි. එයා විදේශගත වෙලා වැඩිදුර අධ්‍යාපනය ලබනවා. මේ දිනවල නම් ඔහු ලංකාවට ඇවිල්ලයි ඉන්නේ. ඔහු ගැන වැඩි විස්තර විවාහය ළං වුණාම කියන්නම්.

විවාහයෙන් පස්සේ විනූ විදේශගත වෙනවා කියන්නේ ඇත්තද?
විවාහයෙන් පස්සේ තමයි විදේශගත වෙනවද, නැද්ද කියන එක තීරණය කරන්න ඕනෑ. ඒත් මම නම් වැඩිපුරම කැමැති ලංකාවේ ඉන්නයි.

විවාහ වුණාට පස්සෙත් විනූ දිගටම රඟපානවාද?
විවාහයෙන් පස්සෙත් මම දිගටම රංගනයේ යෙදෙනවා. හැබැයි මීට වඩා රඟපෑම් කටයුතු සීමා කරන්න වේවි කියලා නම් හිතෙනවා.
විවාහයෙන් පස්සේ සිනමාව පැත්තට වැඩිපුර යොමු වෙන්නයි මම හිතාගෙන ඉන්නේ. දැන් නම් වැඩිපුරම කාලය ගතවෙන්නේ පුංචි තිරයේ වැඩකටයුතු එක්කයි. ටෙලි නාට්‍ය එක්ක තියෙන අතිශය කාර්යබහුලත්වය විවාහයෙන් පස්සේ සීමා කරන්න වේවි කියලා හිතෙනවා.

විනූගේ ආදර කතාව පටන්ගත්ත හැටි ගැන කියමුද බලන්න..?
මගේ පියාත්, ඔහුගේ පියාත් හොඳ යාළුවෝ. අපේ පවුල් දෙකම ගොඩාක් ළඟින් ඇසුරු කරනවා. ඒ ඇසුරත් එක්ක තමයි මට ඔහුව මුණගැහෙන්නේ. අපේ සම්බන්ධතාව විවාහ යෝජනාවක් කියන්නත් පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතාවක් කියන්නත් පුළුවන්. මගේ අදහස් ඔහුගේ අදහස් එක්ක හොඳටම ගැළපෙන නිසා මම ඔහුට කැමැති වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!