Gossip

“උඹේ ජීවිතේ ගොඩක් තැන් වගේම මගේ ජීවිතේ ගොඩක් තැන් ගැනත් උඹ දැනන් හිටියා.. හිතන්නෙවත් නැති තැන්වලදි මිනිස්සුන්ට වරදිනවා”

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග බොහෝ රසිකයන් සහ සහෘද කලාකරුවන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණා.
ඒ අතරින් චාමර වීරසිංහද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
තරුණ හදවත්වල ආදරය දිනාගත් චාමර වීරසිංහ දමිත් අසංකගේ සමීපතම මිතුරෙකුද වනවා.
මේ චාමර දැමූ සටහනයි…

“උඹත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උඹ මට මගේ හොඳ ම යාලුවා වුණේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්..
සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උඹත් මාත් වුණා දමිත්..
උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උඹත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා..
ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උඹ ඒක කරනවා කියලා..
සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උඹට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි.
උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න..
උඹ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!