Gossip

බෝධීන් වහන්සේ කඩා වැටී පැය 48 ගතවෙද්දී විහාරාධිපති හිමියන් අපවත් වෙයි – Photos

හලාවත දේවගිරි විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කඩා වැටී පැය 48 ක් ගත වන විට එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේද අපවත්වී ඇති බව දායක සභාව සඳහන් කරයි.

අපවත් වී ඇත්තේ හලාවත දේවගිරි විහාරයේ විහාරාධිපති පුජ්‍ය කොබෙයිගනේ සීලරතන ස්වාමීන්වහන්සේ වන අතර උන්වහන්සේ දේවගිරි විහාරස්ථානයේ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසද කටයුතු කරනවා.

අපවත්වන විට උන්වහන්සේ 45 වැනි වියේ පසුවිය.ඇමරිකාවේ ඇන්හයිම් ශ්‍රී රතන විහාරස්ථානයේ සිටියදී හදිසියේ රෝගී වූ උන්වහන්සේ එහිදී අපවත්වී ඇත.

හලාවත දේවගිරි විහාරයේ බෝධිය පසුගිය 21 වැනිදා සවස කඩා වැටී ඇත.

වසර 150 ක් පමණ පැරණි මෙම බෝධිය හලාවත ප්‍රදේශයේ ඇති පැරණිතම බෝධිය බව විහාරස්ථාන දායකයින් සදහන් කරයි.

බෝධිය කඩා වැටුනත් බෝධි ප්‍රකාරයට කිසිදු හානියක් සිදුවී නැත.

විහාරස්ථානයේ බෝධීන් වහන්සේ කඩා වැටුණු පුවත අසා ඒ වන විට ඇමරිකාවේ ඇන්හයිම් ප්‍රාන්තයේ ශ්‍රී රතන විහාරස්ථානයේ වැඩසිටි පුජ්‍ය කොබෙයිගනේ සීලරතන හිමියන් ගිලන් වී ඇත.

උන්වහන්සේට කඩිනම් ප්‍රතිකාර කිරීමට එම විහාරස්ථානයේ විහාරාධිපති බෝගොල්ලේ සුමන හිමියන් කටයුතු කර ඇතත් 24 වැනිදා අළුයම සීලරතන ස්වාමීන්වහන්සේ අපවත් වී තිබෙනවා.

අපවත්වී ඇති සීලරතන ස්වාමීන් වහන්සේගේ දේහය මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති බව දායක සභාව සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!