Gossip

බොරු පිළිකාවක් හදාගෙන මිතුරන්ගෙන් සල්ලි ගැරූ සුරූපී තරුණියට වැඩ වැරදුනු හැටි

පිළිකාවක් ඇති බව පවසා මිතුරන්ගෙන් මුදල් ලබාගත් තරුණියකට ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් මාස 03ක සිර දඩුවමක් ලබාදී තිබෙනවා.

හැනා ඩික්සන් නැමැති ඇය, තමාට පිළිකාවක් වැළඳී ඇති බව හා ඒ සඳහා විදෙස්ගතව ප්රනතිකාර ලබාගැනීමට අවශ්‍ය බව පවසමින් මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව ඇයට මිතුරන්ගෙන් මුදල් ලැබී ඇති අතර ඇමරිකානු ඩොලර් 42,000 ක මුදලක් ආධාර වශයෙන් ඇයට ලැබී තිබෙනවා.

24 හැවිරිදි වියේ පසුවන හැනා ඩික්සන් මෙල්බන් අධිකරණයකදී චෝදනා 07ක් සඳහා වරද පිළිගෙන ඇති අතර ඇයට මාස තුනක සිර දඩුවමක් හිමිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!