හොලිවුඩ්

බෙකම් ප්‍රංශ බැරුව ඇනගනියි

ඩේවිඩ් බෙකම් මේ දවස්වල ප්‍රංශ භාෂාව ඉ‍ගෙනගන්න හැම තැනම දුවනවා කියලා ආරංචියක් හම්බවුණ හින්දම අපි අද එයා ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා. බෙකම් කිව්වම කාටත් මතක් වෙන්නේ කොණ්ඩ මෝසතරේනේ.

ඒ කොහොම වුණත් මේ දවස්වල බෙකම් අවධානය දිනාගෙන තියෙන්නේ කොණ්ඩෙන්නම් නෙමෙයි. කතාකරන්න විදිහක් නැතුවයි. හැමෝටම කතා කරන්න පුළුවන් ඒත් බෙකම්ට කතා කරන්න බැරි ඒ භාෂාව ප්‍රංශ කියලයි දැනගන්නනම් ලැබුණේ.

බෙකම්ට ප්‍රංශ භාෂාව බැරි එක ලොකු ප්‍රශ්නයක් වෙලා කියලයි ආරංචි වුණේ. මොකද බෙකම්ගේ ටී‍ම් එකේ සෙට් එකට වගේම රසික රසිකාවියෝ ගොඩක්ම කතා කරන්නේ ප්‍රංශ භාෂාවනේ. ඒකයි මේ අවුල. මේ ළඟදී තමයි බෙකම් පැරීසියේ සෙන්ට් ජර්මන් ෆුට් බෝල් ටීම් එකත් එක්ක සෙට් වුණේ. ඉතින් මේ දවස්වල බෙකම් වැඩියෙන්ම මහන්සි වෙන්නේ ප්‍රංශ කතාකරන්න ඉගෙනගන්නලු. පොත් අරගෙන පොඩි ළමයෙක් වගේ මේ දවස්වල එහෙ මෙහෙ දුවන බෙකම් හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන්නේ මේ අකරතැබ්බ නිසාලු.

පොඩියි වගේ පෙණුනට වික්ටෝරියා බෙකම් සමග විවාහ වී සිටින ඩේවිඩ් බෙකම් ළමයි 4 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්.

4 Comments

4 Comments

  1. Dilupa

    February 24, 2013 at 11:54 pm

    danwath french class ekakata giyoth hodai neda?

    • Bukenya

      March 27, 2013 at 6:09 am

      So true. Honesty and everything recnogized.

    • Karoma

      March 29, 2013 at 3:26 pm

      Thinking like that shows an epexrt’s touch

  2. Rose

    March 29, 2013 at 3:26 pm

    Hecvkua good job. I sure appreciate it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!