හොලිවුඩ්

බිඳුණු ආදරේ ගීයකින්…

ගායිකාවක් වගේම නිළියක් වන සෙලීනා ගෝමස්ගෙයි , ජස්ටින් බීබර්ගෙයි ආදර හුටපටය බිඳිලා ගිහින් වැඩි දවසක් වුණේ නෑනේ. මේ දෙන්නගේ ආදරයෙන් වැඩියෙන්ම දුක් වින්දේ සෙලීනා කියලයි මාධ්‍යය කිව්වේ. කොහොම හරි සම්බන්ධය කැඩුණු සිද්ධිය සෙලීනා එයාගේ ඊළඟ ඇල්බමයෙන් කියනවා කියලා ආරංචියක් තියනවා.

“අපේ සම්බන්ධය නැවතුණු එක මගේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තීය ජීවිතයටත් ගොඩක් බලපෑවා. මගේ අලුත් ඇල්බම් එක මාර්තු මාසේ 1 වෙනිදා එළිදැක්වෙනවා.” කියලා තමයි සෙලීනානම් කියලා තියෙන්නේ.

2012 අවුරුද්දේ අන්තිමට වගේ සෙලීනා බීබර් එක්ක නිවාඩුවකට මෙක්සිකෝ ගිහින් ඉඳලා තියෙනවා. එහෙදි තමයි මේ දෙන්නා රණ්ඩු වෙලා තියෙන්නේ. හැමදාම වගේ මේ රණ්ඩුවට හේතුව වෙලා තියෙන්නෙත් බීබගේ ෆෝන් එක. ගෑණු ළමයින්ට යවපු වගේම ඒ අයගෙන් ආපු කෙටි පණිවිඩවලින් බීබර්ගේ ෆෝන් එක පිරිලා තිබිලා. ඒ වෙලාවේ ඇතිවුණ රණ්ඩුවෙන් තමයි මේ දෙන්නා දෙපැත්තකට වුණේ. හැබැයි ඉතින් සෙලීනාගේ යාළුවෝනම් මේ ගැන ගොඩක් සතුටු වුණා. මොකද සෙලීනා බීබර්ගෙන් බේරුණ නිසා. ඒත් ඉතින් සෙලීනාට නම් ඒක සතුටට කරුණක් වුණේ නෑ කියන එක මේකෙන්ම තේරෙනවානේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!