Gossip

බිරියට පහර දීම සැමියාගේ අයිතියක් – මුස්ලිම් පෙළපොතක පාඩම මෙන්න

ඉස්‌ලාමික කාන්තාවන් සීමිත නිදහසක්‌ හිමි අවම අයිතිවාසිකම් හිමිකම් ප්‍රමාණයක්‌ සහිත පිරිසක්. බ්‍රිතාන්‍යය කියන්නේ කාන්තා හිමිකම් ගැන ඉහළින් සිතන රටක්‌ වුණත් මේ වන විට කාන්තාවන්ගේ හිමිකම් උල්ලංඝනය වන ඉස්‌ලාමික නීති රීති බ්‍රිතාන්‍යයටත් ඇතුළුවන්නට පටන්ගෙන තිබෙනවා.

ඒ අනුව, Office for Standards in Education” Children’s Services and Skills (Ofsted) නම් ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකදී බ්‍රිතාන්‍යයේ ඉස්‌ලාමික පාසල් බොහොමයකින් සොයාගත් පොත පතවල තිබිලා තියෙන කාන්තාවන්ට එරෙහි ඉගැන්වීම් සම්බන්ධයෙන් ද මාධ්‍යයේ අවධානය යොමුව තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ එක්‌තරා ඉස්‌ලාමික ආගමික පාසලකින් Ofsted සංවිධානය හොයාගෙන තියෙන පොතක නම ‘Women Who Deserve to Go to Hell’ (අපායට යන්නට සුදුසු කාන්තාවෝ) බව ටයිම්ස්‌ සඟරාව වාර්තා කරනවා.

ඔවුන් පවසන පරිදි තමන්ගේ ස්‌වාමියාට අකෘතඥ වීමත්, ජීවිතය ගැන ඉහළ ඉලක්‌ක තබා ගැනීමත් කාන්තාවක්‌ අතින් සිදුවූවොත් ඒවා බරපතළ වැරදි ලෙස ගණන් ගැනෙන බවයි සඳහන් වන්නේ. “විසිවැනි සියවසේ මුල් භාගය තුළ කාන්තාවන්ට ලැබුණු නිදහස කාන්තාව ඉබාගාතේ යන තත්ත්වයක්‌ කෙරේ යොමු කරවන්නට හේතු වූයේය” යනුවෙන් එම ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් බවයි ටයිම්ස්‌ පුවත්පත වාර්තා කර සිටින්නේ.

Ofsted ආයතනය අධ්‍යයනය කළ තවත් ඉස්‌ලාමික පාසලකදී හමුව ඇති තවත් කියවීම් පොතක “පර්දාවක්‌ පැළඳගෙන තමන්ගේ හිරිඔතප් රැකගන්න ගෞරවනීය පෙරදිග කාන්තාව” සහ “සිනමාහල්වල අවන්හල්වල නිදහසේ ඇවිදිමින් පුරුෂ ආකාර්ෂණයට නිරාවණය වෙන අභ්‍යන්තරිකව දූෂිත වුණු බටහිර කාන්තාව” ගැන සංසන්දනයක්‌ අඩංගු වන බව සඳහන් වනවා.

මෙම අධ්‍යයනයේදී අනෙකුත් ඉගෙනුම් පොත්පත් අතර ඉස්‌ලාමික විවාහක කාන්තාවක්‌ හැසිරිය යුත්තේ කෙසේද යනුවෙන් විස්තර වන පොත්ද හමුව තිබෙනවා. “තම ස්‌වාමියාගේ ලිංගික අවශ්‍යතා පිරිමැසීම ප්‍රතික්‌ෂේප කරන්නට කිසිම බිරිඳකට අයිතිවාසිකමක්‌ නැත” යනුවෙන් එම පොත්පත් වලින් කියවෙන බවයි වාර්තා වන්නේ. ඒ පාසල්වල සිසුන්ගේ පොත්වල “කාන්තාවට සැලකිය යුතු අයුරු” ගැන ලියවුණු කරුණු ලෙස “පිරිමියාගේ අණට යටත් නොවී හිතු මනාපයට වැඩ කරන ගැහැනිය නිවසින් නෙරපන්නට සුදුසු” බවද, “ගැහැණිය කීකරු නැති නම් ඇයට පහර දෙන්නට පුරුෂයාට අයිතියක්‌ ඇති” බවද,“ගැහැනියගේ කාර්ය භාරය වනුයේ දරුවන් වැදීමත්, ඒ දරුවන්ව මුස්‌ලිම් ජාතිකයන් සේ ඇති දැඩි කිරීමත් පමණක්‌” බවද ඔවුන්ගේ පොත් පත්වල සටහන් වෙන බව Ofsted සංවිධානයේ සාමාජිකයන් හට දැකගන්නට ලැබී තිබෙනවා.

මෙම ඉගැන්වීම්වලට වෙනස්‌ අදහස්‌ තියෙන පොත පත හැම එකක්‌ම ඒ ඉස්‌ලාමික පාසල් වල පුස්‌තකාල වලින් ඉවත්කොට තිබුණු බවයි එම සංවිධානය කියා සිටින්නේ. “එදිනෙදා ජීවිතය හා සම්බන්ධතා” යන මාතෘකාවෙන් සිසුන්ට දී තිබුණු ප්‍රශ්න පත්තරයකට සිසුන් “තිබුණ පිළිතුරුත් මීට සමාන පිළිතුරු ලැබී තිබෙනවා. ”පිරිමියා ගැහැනියට වඩා ශාරීරිකව ශක්‌තිමත්ය. ගැහැනිය පිරිමියාට වඩා මානසිකවද දුර්වල” බවත්, එනිසා කාන්තාවන්ගේ ආරක්‌ෂකයන් වීමට පුරුෂයාට සුදුසුකම් ඇති බවත් ඒ ප්‍රශ්න වලට බොහෝ සිසුන් පිළිතුරු ලෙස ලියා තිබු අතර ගුරුවරුන් විසින් ඒ පිළිතුරු නිවැරදි ලෙස හරි ලකුණු කර ලකුණුද ලබා දී තිබුණු බවයි ඔවුන් වාර්තාකර සිටින්නේ.

කාන්තාව අයිතිවාසිකම් අහිමි තුන්වන පන්තියේ පුරවැසියෙක්‌ බව කියෑවෙන ඉස්‌ලාමික ඉගැන්වීම් තහවුරු කරන ආකාරයේ පොත් පත් අතිරේක කියවීම් ලෙස නිර්දේශ කොට තිබෙනවා. මෙලෙස ගවේෂණයට ලක්‌ වුණු බ්‍රිතාන්‍ය ඉස්‌ලාමික පාසල් අතර, එරට රජයේ අනුමැතිය ලත් ඉස්‌ලාමික පාසල්, නිදහස්‌ ආගමික පුහුණු පාසල් වගේම අනවසර මද්රසා පාසල් පවා තිබුණු බවයි ඒ සංවිධානය කියන්නේ. එමෙන්ම මේ පාසල්වල ප්‍රාථමික පන්තිවල පටන්ම සිසුවියන් හිජාබය පැළඳිය යුතුව තිබෙනවා.

මේ හිජාබ් භාවිතය පිළිබඳව ප්‍රශ්න කළ යුතු යෑයි මේ පරීක්‌ෂකයින් පවසා සිටිනවා. ගැහැනු දරුවකු වැඩිවිය පැමිණෙන තෙක්‌ හිජාබය පැළඳීමේ අවශ්‍යතාවක්‌ නැති බව බොහෝ ඉස්‌ලාමික ඉගැන්වීම්වල සඳහන් වෙන නිසා ප්‍රාථමික පන්තිවල දැරියන්ට හිජාබය අනවශ්‍ය දෙයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අන්තවාදී ඉස්‌ලාමික ඉගැන්වීම් ගැන මේ වගේ ස්‌වාධීන සංවිධාන වලින් ප්‍රශ්න කළත් බ්‍රිතාන්‍ය පුරා දැනටමත් පැතිරෙන ඉස්‌ලාමික අන්තවාදයේ වෙනසක්‌ නොවන බව පැහැදිලි වන්නේ ඒ තරම් වේගයකින් බ්‍රිතාන්‍යය මුස්‌ලිම්කරණයට යටත් වෙමින් තියෙන බව මෙම ජනගහන සංඛ්‍යාලේඛන දත්ත වලින් කියවෙන බැවිනි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!