Gossip

ඇඳුමෙන් කෙනෙක්ව මනින්නත් බෑ -මොන වෘත්තීයේ සිටියත් වැරදි රැකියාවන් කරන අය ඒක කරනවා – රුවන්ගි රත්නායක

තරුණ පරපුරේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක් තමයි රුවන්ගි රත්නායක කියලා කියන්නේ. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් පෙම්වතියගේ චරිතයට පණ පොවන රුවන්ගිගේ අලුත් තොරතුරුයි මේ.

ඔබ අලුත් අවුරුද්දට සහ නත්තලට මොන වගේ සූදානමක්ද තිබෙන්නේ?
අලුත් අවුරුද්දුට තව ටිකක් කල් තියෙන නිසා විශේෂ සූදානමක් නැහැ. නමුත් මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්ද අලුත් විදියට පටන් ගන්න තමයි බලාපොරොත්තු වන්නේ.

කලාවට ඇවිත් එයින් උපරිම ඵල ඔබ නෙළාගත්තද?
හ්ම්……., ලොකු ප්‍රයෝජනයක් ගත්ත කියනවාට වඩා මම හිතන්නේ මම කලාවට ආපු එක ගැන සෑහීමකට පත්වෙනවා. කලාවට මම සම්බන්ධවීමෙන් මට ලැබුණු දේවල් ගොඩයි. මේ ක්ෂේත්‍රයට මම ආපු එක ගැන සතුටුවෙනවා.

රුවන්ගි මේ වෙද්දි කලාවෙන් ස්ථාවර තැනකට ඇවිත් කියලා?
ඔව්. කලාව ඇතුළේ මට කරන්න තිබෙන දේවල් බොහෝමයි. නමුත් මම අදවෙනකොට ආපු කාල සීමාවක් එක්ක බලනකොට මම ඉන්න තැන ස්ථාවරයි කියලා මම හිතනවා.

රුවන්ගි ෆේස්බුක්වලට වඩා ඉන්ට්‍රග්‍රෑම් භාවිතා කරනවා නේද?
මම ෆේස්බුක් නැහැ. ඉන්ට්‍රග්‍රෑම් විතරයි ඉන්නේ.

නිලියකගේ හැදියාවට ඇඳුම කොයිතරම් බලපෑමක් කරනවාද?
ඒකට පැහැදිලි පිළිතුරක් ලබාදෙන්න බැහැ. ඇඳුමෙන් කෙනෙක්ව මනින්නත් බෑ. කෙනෙකුගේ හැදියාව ඇඳුමකින් තීරණය කරන්න බැහැ.

රුවන්ගි රංගනයකදී ඕනෑම ඇඳුමක් අදින්න සූදානම්ද?
මට ගැළපෙන ඇඳූම් අඳින්න මම සූදානම්.

ෆැෂන් ගැන රුවන්ගි මොනවගේද හිතන්නේ?
ෆැෂන් කරන එක අත්‍යවශ්‍ය දෙයක්. තමන්ගේ පෙනුමට ගැළපෙන , තමන් සහභාගීවන අවස්ථාවට ගැළපෙන ෆැෂන් කරනවානම් කාටත් හොඳයි.

නිලිකමට ඇවිත් වැරදි රැකියාවල නිරතවෙන පිරිසක් ඉන්නවානේද?
මොන වෘත්තීයේ සිටියත් වැරදි රැකියාවන් කරන අය ඒක කරනවා. නිලි වෘත්තියේ පමණක් නොව වෙනත් වෘත්තීන්වල සිටින අයත් වැරදි රස්සාවල්වලට යොමුවෙනවා. ඒක වෙනස්වන්නේ වෘත්තීයෙන් නොවෙයි. තමන්ගේ සිතුම් පැතුම් වලින් තමන්ගේ අවස්ථාවලින් තමයි වැරදි දේවල්වලට පෙළඹීම කියන එක ඇතිවෙන්නේ. එයට කිසිදු ලෙසකින් වෘත්තීය බලපාන්නේ නැහැ.

රටේ පවතින දේශපාලනය ගැන කලාකාරිනියක් විදියට ඔබ දැනුවත්භාවයකින්ද සිටින්නේ?
ඇත්තටම දේශපාලනය ගැන කතාකරන්න මම කැමති නැහැ

දැන් කලවයසත් හරි නේද?
කලවයස ඉතින් කවදත් හරිනේ.

ආදරය ගැන මොකද හිතන්නේ? මේ වෙද්දි ඔබත් ආදරය විඳන කෙනෙක්ද?
ආදරය හොඳයි. ආදරය ජීවිතයට අවශ්‍ය දෙයක්. ආදරය තිබුණොත් ජීවිතය සම්පූර්ණයි. මම මේ වෙද්දි ආදරයක් ලබනවා.

අනාගත බලාපොරොත්තු මොනවද?
මේ හිටිය වගේ තව කාලයක් සතුටින් ඉන්න

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!