Gossip

“බිරිඳ කිව්වා මම වතුරේ ගහගෙන යන දරුණු හීනයක් දැක්කා කියලා” – කැළණි ගඟට බිලිවූ ටෙලි නිළිය තුෂානිගේ පියා කිව්ව සංවේදී කතාව

පසුගියදා ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ දිය නෑමට ගිය රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තුෂානි ද සිල්වා එක්දරු මවක්.

පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් අතරතුර ඇය ඊයේ මෙම අනතුරට මුහුණ දී තිුබුණා.

මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තුෂානිගේ පියා පවසා ඇත්තේ මෙවන් කතාවක්.

“අපි මේ ගමන පිටත් වෙන දවසේ උදේම බිරිය කිව්වා මම වතුරේ ගහගෙන යන දරුණු හීනයක් දැක්කා කියලා. ඒ නිසා අපි වෙන දවසක මේ ගමන යමු කියලා. එතකොට මියගිය දුව කිව්වා අම්මට පිස්සුද මම ෂූටින් යනකොට ලංකාවේ හැමතැනම නාන්න ගිහිල්ලා තියනවා. ඒ නිසා අම්මා බය නැතිව ඉන්න කියලා” දුව පැවසූ බව කැළණි ගඟේ කිතුල්ගල යටිබෙරි ප්‍රදේශයේදී දියේ ගිලී මියගිය ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියක වූ තුෂානි සිල්වා මහත්මියගේ පියා වන ලෙස්ලි සිල්වා මහතා පැවසුවා.

“අපි මේ ගැනම පිටත් වුන වෙලාවේ ඉදලා විවිධ බාධා ඇති වුණා. මමයි බිරිදයි බෝට්ටු පදින්න ගියේ නෑ. දුවලා දෙන්න ඇතුළු කිහිපදෙනෙක් ගියා. එහෙම ගිහිල්ලා නතර වෙලා ඉන්න හෝටලයට මේ අය බෝට්ටු පැදලා ආවා. ඉන් පසු අපි ගෙනාපු බඩු ටිකත් වාහනයට පටවලා හෝටලයේ බිලත් ගෙවලා එන්න පිටත් වෙන්න හැදුවම මියගිය දුව කිව්වා මට තව ඇඟ හෝදා ගෙන එන්න ඕනේ කියලා ගඟ පැත්තට ගියා. මමයි ලොකු දුවත් ගඟ පැත්තට ගියා.

ගඟට බැස්සම මම කිව්වා ඈතට යන්න එපා කියලා. එහෙම කියනකොට දූ සැඩ පහරට අහු වුණා. තාත්තේ මාව බේරගන්න කියලා දුව අත් දෙක උස්සගෙන කෑගැහුවා. මමත් පනින්න හැදුවා. ළඟ හිටපු අය මාව අල්ල ගත්තා. එතකොට හෝටලයේ එක්කෙනෙක් ආවා. එයා ජීවිත ආරක්ෂක කට්ටලය නැහැ කියලා පනින්න බැහැ කිව්වා. ඒත් එක්කම මගේ දුව වතුරේ ගහගෙන ගියා.

ඊට පස්සේ බෝට්ටු පදින අය ගඟට බැස්ස තැන ඉඳලා ටික දුරකින් දුව ගොඩ ගත්තා. පස්සේ කිතුල්ගල තලිගම රෝහලට දුව ගෙන කොටම දුව මිය ගිහිල්ලා. දුව විවාහ වෙලා ඉන්නේ. එයාගේ මහත්තය විදේශ ගත වෙලා ඉන්නේ. දුවට දරුවෙක් ඉන්නවා”.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය තුෂානිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 20/03/2018 දින සවස 3 ට, එනම් හෙට දින, සිදුකිරීමට නියමිත අතර මේ වන විට ඇගේ දේහය මහනුවර අම්පිටියේ පිහිටි ඇගේ නිවසේ තැන්පත්කොට තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!