Gossip

අනුරාධපුරේදී සියදිවිනසාගත් සිව්දරු පියෙක්ට මාස 7 කට පසු පණ එයි – ඡායාරූප මෙන්න

පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා මීට මාස හතහමාරකට පෙර අනුරාධපුර, පෙරියම්කුලම් පොදු සුසාන භුමියේදී භූමදානය කළ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළසිරුරක් අධිකරණ නියෝගය මත අනුරාධපුර පොලීසිය විසින් ගොඩගෙන තිබෙනවා.

ඊයේ(18) දහවල් මෙම මෘත දේහය ගොඩගැනීමේ කටයුතු අවසන් කළ බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ගොඩගෙන ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස 5වන දින භූමදානය කරන ලද අනුරාධපුර පැරණි නගරයේ පදිංචි සිසිර කුමාර බංඩාර නැමති සිවු දරු පියෙක් වන අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 46 ක්.

පසුගිය වසරේ අගෝස්තු මස 3 වන දින අළුයම 1.30ට පමණ සිය නිවස තුළදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් බව ඔහුගේ බිරිඳ සහ දරුවන් ප්‍රකාශ කළ ද, ඒ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මවට සැකයක් ඇති බැවින් ඒ සම්බන්ධව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව වාර්තා වනවා.

අධිකරණ වෛද්‍යවරයෙකු විසින් නිසි මරණ පරික්ෂණක් නොපවත්වා මරණ පරික්ෂක වරයෙකු විසින් සිය පුතුගේ මරණ සියදිවි හානි කර ගැනීමක් ලෙස නිගමනය කිරීම සැක කටයුතු බව මව විසින් පොලිස්පතිවරයා වෙත යැවු ලිපියේ සඳහන් වනවා.

ඉන්පසු පොලිස්පතිවරයා විසින් බුද්ධි අංශ නිලධාරීන් යොදවා සිදු කළ පරික්ෂණවලින් පසු අනාවරණය කරගත් කරුණු මත මෙලෙස දේහය ගොඩ ගැනීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ(18) උදෑසන දේහය ගොඩ ගැනීම ආරම්භ වු අතර අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා හා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.කේ සේනානායක මහතාගේ අධික්ෂණය යටතේ ගොඩගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!