Gossip

බිරින්දෑවරුන් තමන්ගේ කාර්යභාර්ය පමණක් කරගෙන ඉන්නවානම් එය අපට වඩාත් පහසුයි – මාලිංගගේ බිරිඳගේ ප්‍රකාශයට තිසර පෙරේරා උත්තර දෙයි

ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජජාල මාධ්‍යයන්වල උණුසුම් තත්වයක් ඇතිවෙලා තියෙනවා.

ඇය පසුගිය දෙසැම්බර් 21 වනදා සිය ෆේස්බුක් ගිණුම මගින් ප්‍රකාශ කර තිබුණේ “ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්” කියලායි.

එමෙන්ම එම සටහන අඩංගු ඡායාරූපයට ඇය “Poor Pandas” යනුවෙනුත් එක්කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පැන්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ තිසර පෙරේරායි.

මේ අතර තිසර පෙරේරාද ඉන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොදා තිබුණා.

මේ එම සටහනයි.

ගොසිප් සයිට් , ෆේස් බුක් හරහා මා හට මඩ ප්‍රචාරනය කිරීමට වෙර දරන අඹුසැමි යුවල හට මා සමග පෞද්ගලික අමනාප කම් ඇතිනම් රැකියාවට එය සම්බන්ධද කර නොගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මම යනු මම වන බවත් තැත ආරක්ෂා කිරිමට මට කිසිවෙකු පසුපස හබා යාමට අවශ්‍ය නොවන බවත් පහල ඇති මාගෙ 2018 දක්ශතා පුවරුවේ එය මනවින් පිලිබිඹු වන බවත් මෙයින් දන්වා සිටිමි. එමෙන්ම අපහාස කිරිමට එල්ල කරන චෝදනා සාක්ශි සහිත ව ඉදිරිපත් කරන ලෙසටත් අවනතව ඉල්ලා සිටිමි. එසේම බිරින්දෑවරුන් තමන්ගේ කාර්ය බාර්ය පමණක් කරගන සිටී නම් එය අපට වඩාත් පහසු වන බවත් කාරුණිකව දන්වා සිටිමි.
🙏 ස්තූතියි ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!