Gossip

බ්‍රිතාන්‍ය රජ කුමරිය ඇඳපු මංගල ඇඳුම ගැන ලෝකයම කතාවෙයි

බ්‍රිතාන්‍ය අනාගත රාජ්‍ය උරුම නාමාවලියේ 9 වෙනි ස්ථානයට හිමිකම් කියන යුජිනි කුමරිය, ජැක් බෘක්බෑන්ක් සමඟ වූ විවාහය, වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදී රාජකීය අමුත්තන්ගේ හා විශේෂ ආරධිතයින්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණා.

මෙම රාජකීය විවාහ මංගල්‍යය ඊයේ (12දා) එංගලන්තයේ වින්ඩ්සර් මාලිගය ආශ්‍රිතව පිහිටි ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදී රාජකීයයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

බ්‍රිතාන්‍ය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකරු ලෙස සැලකෙන ඉයුජින් කුමරිය අතිනත ගත්තේ ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජැක් බෲක්ස්බෑන්ක් සමගිනි.

දෙවැනි එළිසබෙත් මහ රැජින, ෆිලිප් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් සමග නළු, නිළියන්, ගායක, ගායිකාවන් ඇතුළු ආරාධිතයින් 850 දෙනෙක් මෙම උත්සවයට සහභාගි වූහ.

එහිදී, ඇය විවාහය අවස්ථාවේදී ඇඟලා සිටි මංගල ඇඳුම ගැන බොහෝදෙනෙකු මේ වනවිට කතාබහ කරන අතර, ඒ සඳහා හේතු වූ සුවිශේෂී අරමුණ කුමරිය මෙසේ විස්තර කර තිබුණි.

විශේෂයෙන්ම, එම මංගල ඇඳුමේ ඇගේ කොඳු ඇට පෙළ දිස්වන ආකාරයට එය නිර්මාණය කර තිබූ අතර, කුමරියට අවුරුදු 12ක් වනවිට ඇගේ කොඳුඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදුකර තිබුණි.

එම සාර්ථක ශල්‍යකර්මයෙන් කුමරිය සුවය ලැබූ අතර, එම අවස්ථාවේදී ඇයට යළි ජීවය දුන් වෛද්‍යවරුන් ඇතුළු පිරිස් කරමින් ඒ සියලු දෙනාට කෘතගුණ සැලකීමක් ලෙස තමා මෙම මංගල ඇඳුම නිර්මාණය කර තිබූ බව කුමරිය කියයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!