Gossip

බ්‍රිගේඩියර් ප්‍රියංක ලංකාවට එනකොට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ඉල්ලා අස්වෙයි?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ අමාරි විජයවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී තිබෙනවා.

ඇය සිය ඉල්ලා අස්‌වීම ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව එරට දෙමළ ඩයස්‌පෝරාව විසින් පළකර ඇති විරෝධතාව සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පසුගිය සතියේ අමාරි විජයවර්ධන මහත්මියද ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.

අමාරි විජයවර්ධන මහත්මියගේ සේවා කාලය 2018 මාර්තු මස 31 වැනිදායින් අවසන් වන බවත් ඒ අනුව ඇය සිය සේවා කාලය අවසන් වීම සම්බන්ධ ලිපිය භාරදී ඇති බවට මෙම ඉල්ලා අස්‌වීම සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඇය සේවයෙන් ඉල්ලා අස්‌වූවා යෑයි පළවන වාර්තා අසත්‍ය බවද එම නිවේදනයේ දැක්වෙනවා.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඊයේ (22 වැනිදා) දහවල් ශ්‍රී ලංකාවට පැමිණි අතර කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන් පැමිණෙන පර්යන්තය ඔස්‌සේ පිටතට පැමිණි බ්‍රිගේඩියර්වරයා යුද හමුදා වෑන් රථයක නැග පිටව ගොස් තිබෙනවා. කෙසේවෙතත් එම අවස්‌ථාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත යුද හමුදාව අවසර ලබා දී නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!