Gossip

බහුතරය රනිල්ට

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය සඳහා විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද(12) දිනයේත් සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඡන්දය දීමෙන් වැලකි සිටි අතර පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 18 අඟහරුවා පස්වරු 1.00 තෙක් කල් තැබුණා.

අද පෙරවරු 1.00 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර ඊට පෙර කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණා.

කෙසේවෙතත් පසුගිය වර මෙන්ම මෙවර ද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම රැස්වීම සඳහා සහභාගී වුණේ නැහැ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!