Gossip

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව ගැන ලැබුණු අලුත්ම තොරතුර මෙන්න

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පසුගිය 4 වනදා සිට 7 වනදා දක්වා පුරා දින හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!