Gossip

ඉන්දියාවේ ධනවතා මුකේෂ් අම්බානිගේ දුවගේ විවාහයට චන්දන වික්‍රමසිංහගේ සම්බන්ධයක්

පසුගිය දිනවල ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයකගේ විවාහ මංගල්‍යයන් ගණනාවක් එක පෙළට දැකගන්නට පුළුවන් වුණා.

ඉතින් අපි මේ කියන්න යන්නේ ඒවගේ තවත් විවාහ මංගල්‍යයක් ගැන.

ඒ ඉන්දියාවේ ප්‍රමුඛතම ධන කුවේරයන් දෙදෙනෙකුගේ දියණියක් සහ පුතෙක්ගේ විවාහ මංගල්‍යයක්.

මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානි සහ තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් වන ආනන්ද් පිර්මාල්ගේ විවාහ මංගල්‍යය ඊයේ දිනයේ උදායිපූර් නගරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.

පසුගියදා පැවති ප්‍රියංකා චොප්රාගේ විවාහ මංගල්‍යයේද ඊෂා දෙවැනි මනාලියක් වුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම විවාහ උත්සවයේ නැටුම් අධ්‍යක්ෂණය සිදුකළේ අපේ රටේ ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂවරයෙක් සහ නර්ථන ශිල්පියෙක් වන චන්දන වික්‍රමසිංහ.

ලෝක ප්‍රකට නර්ථන ශිල්පින් සහ ලෝක මට්ටමේ නැටුම් ශිල්පීන් රැසක් සිටින ඉන්දියාවේ ප්‍රමුඛතම උත්සවයක නැටුම් අධ්‍යක්ෂණය ශ්‍රී ලංකාවට හිමිවීම රටක් වශයෙක් අප සැමටම ආඩම්බර විය හැකි කාරණයක්.

මෙම අවස්ථාවට ලෝකයේ ප්‍රමුඛතම දේශපාලකයන්, ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන්, සිනමා හා නැටුම් අධක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!