Gossip

අගමැති ජනතා මතය පිළි ගනියි

භාරතීය ජනතා පක්ෂයේ පාලනය පැවති ප්‍රාන්ත තුනක් ඉන්දීය කොංග්‍රස් පක්ෂය විසින් ජය ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ජනතාව ලබාදී ඇති පණිවුඩය තමන් පිළිගන්නා බවයි.

ඊයේ පැවති ප්‍රාන්ත 5 ක මැතිවරණ ප්‍රතිඵල මේ වනවිට ප්‍රකාශයට පත් වී ඇති අතර, භාරතීය ජනතා පක්ෂයට බලය හිමිව තිබූ රාජස්ථාන්, චටිස්ගාර් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ජය ගැනීමට රාහුල් ගාන්ධි නායකත්වය දරණ ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමත් වුණා.

තෙලංගානා සහ මිසෝරාම් ප්‍රාන්තවල බලය හිමි වී ඇත්තේ ප්‍රාදේශීය පක්ෂවලටයි.

මෙම මැතිවරණය ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේ අවසන් පූර්ව සටනක් ලෙසින්.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!