Gossip

බසයෙන් වැටෙන්නයි යන්නේ – ක්‍රීඩකයන් ගැන ලැජ්ජා වෙනවා – නික් පෝතාස් ප්‍රසිද්ධියේම ලංකාව විවේචනය කරයි

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාව ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්වින්දා. ලංකාව අත්වින්ද 100 වෙනි පරාජයත් එ්ක. මේ පරාජය ගැන ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් කතා කරා. ඔහු නම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන කියලා.

තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහු කිව්වේ කණ්ඩායමේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ අඩුපාඩු පරාජයට හේතු වුණා කියලයි.

“අත්තටම මේක කලකිරවන සුලුයි. මොකද අපි සෑහෙන්න වැඩකොටසක් කළා. නමුත් ලැජජා සහගත පරාජයක් ලැබුවේ. දැල ඇතුලේ කොච්චර පුහුණුවීම් කරත් වැඩක් නෑ කණ්ඩායමට ලකුණු ටිකක් ගන්න බැරිනම්.”කියලයි පෝතාස් වැඩිදුරටත් කිව්වේ.

එ් වගේම මැතිව්ස් ගැනත් පෝතාස් කතා කරා.

“මම කණ්ඩායම භාර අරන් දැන් මාස 6 ක කාලයක් වෙනවා. මැතිව්ස් මේ තරඟයට පෙර වැඩිපුර ටෙස්ට් ක්‍රීඩා කරලා තිබ්බේ නෑ. මට කිසිම අවිශ්වාසයක් නෑ එයාගේ තියෙන හැකියාව ගැන. අපිට හොඳ උත්තරයක් එයාගෙන් ලැබේවි. එ් සඳහා පුහුණුකරුවෙක් විදියට අපි එයාට හොඳ අවස්තාවක් දීලා වැඩිදියුණු කරන්න ඕන.” කියලයි ඔහු මැතිව්ස් ගැන කිව්වේ.

“ඉන්දියාව වැනි කණ්ඩායමක් සමග ක්‍රීඩා කරන විට ක්‍රිකට් කියන්නේ චෙස් ක්‍රීඩාවක්. එක් කණ්ඩායමක් යම් පියවරක් යනවානම් ඔබට එයට වඩා හොඳ පියවරක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබ බසයෙන් වැටේවි. මේ මොහොතේදී අපි වෙනස්කම් ගැන අවධානය යොමුකරනවා. කවුද එකම චලනයක් කරන්නේ, කවුද දක්ෂතා නොදක්වන්නේ කියා.” යනුවෙන් නික් පෝතාස් කියලා තියෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!