Gossip

දළ පූට්ටුවා මරන්න හවුල්වුණේ ග්‍රාමනිළධාරීවරයෙක්ද? – ඡායාරූප මෙන්න

අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළපූට්ටුවා මරා දමා ඇත්තේ හේරත්ගම ග්‍රාම නිළධාරියා ලෙස සේවය කළ පුද්ගලයා ඇතුළු පිරිසක් බවට සැක කෙරෙන බව වයඹ පළාත් වනජීවී අධ්‍යක්ෂ කාර්යාලය පවසා තිබෙනවා.

මේ වනවිට එම ග්‍රාම නිළධාරියා තුවක්කුවක් අතැතිව සිටින බව සැක කෙරන ඡායාරූප කිහිපයක්ද සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

වනජීවී නිලධාරීන් කියා ඇත්තේ ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදමා ඇත්තේ කහල්ලපල්ලකැලේ අභයභූමිය අසල හේරත්ගමදී බවට සැක කරන බවත් එම ප්‍රදේශයේ දින කිහිපයක්ම සැකකටයුතු ලෙස බැකෝ යන්ත්‍රයක් නවතා තිබූ බවත්ය.

පසුගිය 22 වැනි දින අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැක කරන දළ යුගල යාන්ත්‍රික කියතකින් කපා වෙන්කර තිබියදී හමුව තිබෙනවා.

දළ පූට්ටුවා මරා දළ ගලවා ගැනීමෙන් අනතුරුව යාන්ත්‍රික කියත් ආධාරයෙන් සිරුර කැබලිවලට කපා වෙන්කර ස්ථාන කිහිපයක වළ දමා ඇති බව විශ්වාස කරන්නේ යැයි වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා පසුගියදා අනාවරණය කර තිබෙනවා.

වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. සුමනසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හේරත්ගම, ගල්කිරියාගම, ගල්ගමුව සහ මීගලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරි කණ්ඩායම් 4ක් දළ පූට්ටුවාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළා.

මේ සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවත් වලාන දූෂණ මර්දන ඒකකය පවසා තිබෙනවා.

දළ පූට්ටුවා මරාදැමීමට හවුල් වූ බව කියන ග්‍රාමසේවා නිළධාරියාගේ ජායාරූප කිහිපයක් මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!