Gossip

අම්මයි තාත්තයි හොයන්න කිලෝ මීටර් 80ක් බස් එකක් යට හැංගිලා ගිය දරුවන් දෙන්නා

තමන්ගේ දෙමව්පියන් සොයාගන්න කිලෝමීටර 80 ක දුරක් බස් රථයක් යට හැංගිලා ගමන් කරපු කුඩා ළමුන් දෙදෙනෙක් පිළිබඳ වාර්තා වනවා.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ චීනයේ ගුඇන්ෂි ප්‍රාන්තයෙන්

අදාළ ළමුන් දෙදෙනා ඉතා දුප්පත් ගම්මානයක ජීවත්වන අතර අසල්වැසි ප්‍රාන්තයක සේවය කරන තම දෙමාපියන් සොයාගෙනයි මෙලෙස ගමන් කර ඇත්තේ.

කෙසේවෙතත් මේ දරුවන් දෙදෙනා පසුගිය 23 වනදා සිට අතුරුදන්ව ඇති බවට පාසැලේ ගුරුවරිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ල කළ දිනයේම ඔවුන් දෙදෙනා බස් රථයක යට සිටියදී හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බස් රථය ගමනාන්තයේ නතර කිරීමෙන් පසු මෙම ළමුන් දෙදෙනා බස් රථයේ යට ඇති භාණ්ඩ ඇසුරුමේ සැගවී සිටින ආකාරය ආරක්ෂක නිලධාරින් විසින් දැක තිබෙනවා.

කිසිදු අනතුරකින් තොරව ළමුන් දෙදෙනා මෙලෙස හමුවීම පිළිබඳ බස් රථ සේවකයන් ද සතුට පළකර තිබෙනවා.

ඉතා කෙට්ටු සිරුරුවලින් යුත් ඔවුන් දෙදෙනාට බස් රථයේ භාණ්ඩ ඇසුරුම සැගවී සිටීමට හොඳ ස්ථානයක් වී තිබු බවටයි බස් රථ සේවකයන් විදෙස් මාධ්‍ය වෙත පෙන්වාදී ඇත්තේ.

මෙම ළමුන් දෙදෙනා පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ ළමුන් භාරගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිද්ධියත් සමග ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ චීනයේ දැඩි කථා බහක් මතුවී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ දැඩි කථා බහක් නිර්මාණය වී ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!