Gossip

අපේ සිංහයන්ට නයි පෙන්නපු බංගලියන්ට, ඇෆ්ගනිස්ථානය අමතක නොවන පාඩමක් උගන්වයි – වීඩියෝ

බංග්ලාදේශ කණ්ඩායම අපේ ටීම් එකට නයි පෙන්නපු සිද්ධිය තවමත් අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තියෙනවා.
බංග්ලාදේශය එක්ක කේන්තියෙන් ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට  ඊයේ සතුටු හිතෙන ආරංචියක් අහන්න ලැබුණා.
ඒ් තමයි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට එක් තරගයක් ඉතිරිව තිබියදී ඇෆ්ගනිස්ථානය ජය තහවුරු කර ගැනීම.
තරගාවලියේ දෙවැනි තරගයේදී කඩුලු 6 කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 134ක් රැස් කළා.
බංග්ලාදේශ පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 10සීමාව පසු කිරීමට ඇෆිගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ආරම්භක පිතිකරු මොහොමඩ් ශශාඩ් ලකුණු 24ක් රැස් කළා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සමියුල්ලා ෂෙන්වරි පන්දු 41කින් 6 පහර 3ක් සහ 4 පහර 2ක්ද සමගින් ලකුණු 49ක් රැස් කිරීමට සමත්වුණා.
ඇෆ්ගනිස්ථානය තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 4ක් දැවී සිටියදීයි.

තරගයේ වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!