Gossip

චොකලට් කියලා වේදනා නාශක පෙති කාපු අවුරුදු 4 පුංචි මල් කැකුලක් මස්කෙළියම හඬවා අවසන් ගමන් යයි – Photos

චොකලට් යැයි සිතා වේදනා නාශක පෙති වර්ගයක් ආහාරයට ගෙන වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව මස්කෙලිය පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙලිය මොටින්කාම් වතුයායේ පදිංචිව සිටි ශ්‍රී මනෝහරන් මර්වින් නැමති වයස අවුරුදු 4 ක දරුවෙක්.

ඊයේ (05) රාත්‍රී 10.00 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

දරුවාගේ පියා කඩයට ගොස් නැවත නිවසට පැමිණ ඇති අතර එහිදී නිවසට ගෙන ආ පාර්සලය තුල චොක්ලට් ඇති බවත් එය රැගෙන ආහාරයට ගන්නා ලෙස පියා දරුවාට පවසා තිබෙනවා..

අනතුරුව දරුවා චොකලට් යැයි සිතා එම පාර්සලය තුළ තිබූ වේදනා නාශක පෙති කිහිපයක් ආහාරයට ගෙන ඇති අතර පසුව දෙමාපියන් මෙම දැන ගැනීමෙන් අනතුරුව දරුවා මස්කෙළිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීම සඳහා මාරුකර යවන අතරතුර දරුවා මියගොස් තිබුණා.

දරුවාගේ මෘත ශරීමය මේ වන විට මහනුවර රෝහලේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!