Gossip

පෞද්ගලික හේතුවක් මත අතහරින්න වුණා – මාව අතහැර ගිය අය ගැන දුක්වෙන්නේ නෑ – සංගීත් මාධ්‍යයට නොකියූ සියල්ල උදාරි හෙළි කරයි

සංගීත් සතරසිංහ සහ උදාරි කෞෂල්‍යා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළු නිළි යුවළක්. කෙසේවෙතත් මේ දෙදෙනාගේ විවාහය දෙදරා ඇති බවට පසුගිය දවස්වල කතාවක් පැතිරෙන්න පටන්ගත්තා. එහෙත් මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙක් සෘජු අදහසක් දක්වා තිබුණේ නැ. නමුත් පසුගිය දිනෙක උදාරි පුවත්පතක් හමුවේ දැක්වූ අදහස් කිහිපයක් හේතුවෙන් මේ ගැන විශේෂ අවධානයක් හිමිවෙලා තියෙනවා. මේ එම සාකච්ඡාවයි.

උදාරි කාලයක් නිහඬ වෙලා හිටියා. ඇයි ඒ?
මම අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට ගිහින් හිටියේ. ලංකාවට ඇවිත් පොඩි කාලයක් කල් ගත්තා. හැබැයි අලුත් ආරම්භයකට තමයි දැන් ලෑස්ති වෙන්නේ.

ඔය ආරම්භය තියන්න හදන්නේ කොයි විදියට ද?
මම මගේම සැලෝන් එකක් පටන් ගන්න ඉන්නේ. ඒක කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ හීනයක්. ඒ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරනවා.

ව්‍යාපාරිකාවක් වෙන්න හිතුවේ රංගනය එපා වෙලාවත් ද?
රංගනය කියන දේ වෘත්තියක් විදියට කරන්න පුළුවන් කාලයක් විතරයි. ඉතින් අපි අද ගැන වගේම අනාගතය ගැනත් හිතන්න ඕන. ඒකයි මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ. මගේ තාත්තත් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ඒ ආභාසය මටත් තියෙනවා.

එතකොට රංගන කටයුතු පටන්ගන්න අදහසක් නැද්ද?
මට රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම තමයි ඒ වැඩවලට සම්බන්ධ නොවුණේ. කොහොම වුණත් මේ අවුරුද්දේ හොඳ ආරම්භයක් තියනවා.

ලැබිච්ච ආරාධනා මඟ හැරියේ?
පෞද්ගලික හේතුවක් මත ඒ දේවල් අත හරින්න සිදු වුණා.

විවාහයෙන් පස්සෙත් රඟපෑම් කටයුතුවලට, නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණ උදාරි හිටි හැටියේ විදේශ ගත වුණා. මොකක්ද ඒ ගත්ත තීරණය?
මීට අවුරුදු තුනකට කලින් තමයි මම විවාහ ගිවිස ගත්තේ. අමෙරිකාවට යනකල්ම අපි දෙන්නම රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට යන්න හිතපු නිසා තමයි වැඩ නතර කළේ. විවාහ වුණා කියලා වැඩ නතර කළේ නෑ.

ඒත් ලොකු කාලයක් අමෙරිකාවේ හිටියේ නෑ නේද?
ඔව්. අවුරුද්දකටත් අඩු කාලයක් තමයි අපි අමෙරිකාවේ හිටියේ. ඊට පස්සේ ලංකාවට ආවා.

උදාරිගේ විවාහ ජීවිතය දෙදරලා කියලා හරි හරියට කතා පැතිරුණා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
හැමෝම දන්නවා ආදරය කරන්න. හැබැයි එකම ආදරයක් එක්ක ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න පුළුවන් සුළු පිරිසකට විතරයි. පවුල් ප්‍රශ්න කියන දේවල් හැම පවුලකම තියෙනවා. මගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මේ වෙලාවේ කතා කරන්න මම කැමැති නැහැ.

ඇත්තටම උදාරිගේ ජීවිතේ ප්‍රශ්නයක් ඇති වුණේ නැද්ද? උදාරිගේ ජීවිතයට අසාධාරණයක් වුණ තැනක් තියෙනව ද?
මම නිවැරැදි නම් මාව අතහැර ගිය අය ගැන මම දුක්වෙන්නේ නෑ. මගේ හෘදසාක්ෂිය දන්නවා නම් මම නිවැරැදියි කියලා මට එච්චරයි වටින්නේ. වැරැදි කරන අයට කර්මය විසින් වෙලාවට දඬුවම් ලබාදෙයි. ඒකෙන් පැනලා යන්න කාටවත් බෑ.

උදාරි දැන් දික්කසාද වෙලා ද?
නැහැ. ඒ ගැන තාම හිතලා නැහැ. ඒ දේවල් කොහොම සිද්ධ වෙයිද කියලා කියන්න බෑ.

ජීවිතේ මුහුණ දුන්න දේවල් එක්ක ඉදිරියට ශක්තිමත්ව මුහුණ දෙන්න උදාරිට පුළුවන් ද?
ජීවිතයට ලැබුණු අත්දැකීම ඉදිරි ජිවිතයට පන්නරයක්. මට මාව විශ්වාසයි. ජීවිතයේ වැටිච්ච වැටිල්ල ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.

ඉදිරියේදී රංගනයට හෝ නිවේදනයට අලුත් ආරම්භයක් තියයි ද?
නාළිකා දෙක තුනකින් නිවේදන කටයුතුවලට ආරාධනා කරලා තිබෙනවා. ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ජීවිතයේ ඉදිරිය සැලසුම් කරනවාද?
ඉදිරි අනාගතය මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නෑ. හුස්ම වුණත් ළඟ ඉන්නේ මැරෙනකල් විතරයිනේ. හැමෝටම උදවු කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!