Gossip

පොලිස් වෙඩි පහරින් මියගිය මාතර කොල්ලයේ සැකකරු වෙනුවෙන් ඇමති මංගල හඬා වැටෙයි – Photos

අපරාධකරුවන් සම්බන්ධයෙන් ද නීතිය හා සාධාරණත්වය ඉෂ්ට විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි පොලිස් නිලධාරියෙකු මියගිය අතර කොල්ලකරුවන් පොලිස් අත්අඩංගුවට පත් වුණා.

එලෙස අත්අඩංගුවට පත් වූ එක් අදාළ කොල්ල කණ්ඩායමේ ප්‍රධානියා පෙරේදා රාත්‍රියේ පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරීමේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්ර්හාරයකින් මියගියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු කොල්ලකරුවෙකුගේ වෙඩි පහරින් මියයාම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඝාතනය කිරීම තුළින් සාධාරණීකරණය කළ නොහැකි බවයි.

වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ යහපාලනයක් මිස යම පාලනයක් නොවන බව ද මංගල සමරවීර අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!