Gossip

පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලට ඕස්ට්‍රේලියාවට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක් අතුරුදන් වුණේ කොහොමද?

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කැමරූන් රාජ්‍ය නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්.

තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් අතුරුදන්ව ඇති බව කැමරූන් කණ්ඩායමද තහවුරු කර තිබෙනවා.

මේ පිළිබඳව තොතුරු වාර්තා කරන විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය පළා යෑමක් ලෙස දකින බවයි.

බර ඉසලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් හා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩකාවන් පස් දෙනෙක් මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට මැයි 15දා දක්වා වීසා පවතින බවටත් මෙම පළා යෑම පිළිබඳව කනගාටුවන බවටත් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මාධ්‍ය නිලධාරී සඳහන් කරනවා.

මේ පිළිබඳව ඔස්ට්‍රේලියන් ෆෙරරන් පොලීසිය අවධානය යොමුකර ඇතැයිද තොරතුරු වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!