Health & Beauty

පොඩ්ඩක් මහත් වෙන්න සෑහෙන්න කට්ටක් කන කෙනෙක් නම් ඔයා මේ දෙවල් කියවලා බලන්නකො..

දැන් කාලේ හැම කෙනෙක්ම දගලන්නේ කෙට්ටුවෙන්න.කෙට්ටුවෙන්න කියලා ගොඩක් දේවල් කරවා. කෑම ගන්නෑ ජිම් යනවා සෑහෙන්න දේවල් කරනවා. මේ අය ගැන තමයි වැඩියෙන්ම කතා වෙන්නේ වගේම මේ අයට තමයි කෙට්ටුවීම සම්බන්ධයෙන් ගොඩක් උපදෙස් හම්බවෙන්නේ. ඒ වුණාට කෙට්ටු අයත් ඉන්නවා පොඩ්ඩක් මහත් වෙන්න උවමනාවට සෑහෙන්න කට්ටක් කන . මෙන්න එහෙම කට්ට කන අයට උදව්වක් වෙන්න වටින උපදෙස් ටිකක්.

1. එදිනදා කෑම වේල සම්බන්ධයෙන්

කනකොට කන්න කලින් වතුර හෙම බොන්න තියාගන්න එපා. දවසේ තුන් වේලට පුළුවන් තරම් පිෂ්ඨමය ආහාර එකතු කරගන්න. තව ඉතින් වේල් දෙකකටවත් බිත්තර දෙකක් කන්න තියෙනවා නම් හොඳයි. අර තුන් වේලට අමතරව පුළුවන් නම් තවත් වේල් කීපයක් දෛනිකව එකතු කරගන්න. තරමක් ලොකු කෑම පිඟානක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. පොඩි පිඟානකට කෑම චුට්ටක් බෙදාගැනීම නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්. කෑම වේලට ආමන්ඩ්ස්, රටඉඳි වගෙ දේවල් එකතු කරගන්න. කෑම කනකොට ඉස්සෙල්ලාම ප්‍රෝටීන වැඩි ආහාරවලට අවධානය දෙන්න. එළවළු අන්තිමට කන්න.

2. පැය 7කට අඩු නින්ද

සැපට නිදාගන්නකොට ලෙප්ටින් කියන හෝර්මෝනය නිපදවෙනවා. අඩු නින්දක් ගන්නකොට ඒකෙම අනික් පැත්ත තමයි වෙන්නේ. ලෙප්ටින් අඩුවෙන් නිපදවෙනවා. ලෙප්ටින් කියන්නේ ආහාර රුචිය සම්බන්ධ හෝර්මෝනයක්. අඩු නින්දේ දී අඩුවෙන් නිපදවෙන ලෙප්ටින් නිසා උදේ නැගිටින්නේ යකාගේ බඩගින්නක් එක්ක. රජෙක් වගේ කන උදේ කෑමවේල අන්තප්පුරේටම සෙට් වෙන්න කන්න තරමේ හැකියාවක් ලැබෙනවා. කොහොමත් ඉතින් රෑ ජාමේ ටීවී සීරිස් එකක් බලාගෙන හිටියා නම් ඔය පැය ගණන අඩු වෙනවා දන්නෙම නැතුව

3. ක්ෂීරමය ආහාර පාන

කිරි ආශ්‍රිතව එන නිෂ්පාදන පරිභෝජනය කිරීමෙනුත් මහත් වෙන්න පුළුවන්. කිරි, චීස්, බටර් වගේ දේවල් ආහාරයට එකතු කිරීම වටිනවා. විශේෂයෙන්ම බටර්. ඊට අමතරව මිල්ක්ෂේක්ස් බොන එකෙනුත් මහත් වෙනවා. ලොකු ලොකු මහත්තුරු ප්‍රෝටීන් ෂේක් කියලා බොන එක නෙවේ, හන්දියේ පළතුරු බීම කඩෙන් පුරුද්දක් විදියට මිල්ක්ෂේක් බොනවා නම් කඳ බඩ ආරලා එයි බලන් ගියාම.

4. ව්‍යායාම

ව්‍යායාම කරන්නේ ශරීරයේ බර අඩු කරගන්න කියලා හිතනවා නම් ඒක වැරදි දෙයක්. ව්‍යායාම කරන්නේ ශරීරය මනා විදියට පවත්වාගෙන යන්නයි. ජිම් එකකට යනවා නම් විශේෂයෙන් මේ ගැන පුහුණුකරුවෙක් එක්ක කතා කරලා ඔහුගේ අධීක්ෂණය යටතේ කරන්න පුළුවන්. ගෙදර ඉඳන් කරනවා නම් Pushups සහ Squats හොඳයි. නිසියාකාරව මේ දේවල් කරගන්න විදිය දැනගන්න තමයි යූටියුබ් දෙවියෝ ඉන්නේ. ව්‍යායාම කරන්න පටන් ගන්න කලින් සහ පසුව ආහාර වේල් දෙකක් ගන්න ඕනි. ප්‍රෝටීන් ෂේක් එකකුත් භාවිත කරනවා නම් අගෙයි.

5. පළතුරු යුෂ

පළතුරු නිකන්ම ආහාරයට ගන්නවට වඩා පළතුරු යුෂ බොනකොට ෆෘක්ටෝස් ගතිය වැඩියි. මිදි යුෂ, ඇපල් යුෂ, දොඩම් යුෂ වගේ යුෂ වර්ග තමයි ඉතින් වැඩේට සෙට් වෙන්නේ. සීනි වැඩියි සහ ඒවයේ කැලරි ප්‍රමාණයත් වැඩියි. හැබැයි ශරීරය මහත් කරවන්න පෝෂ්‍ය පදාර්ථ හරියටම ලැබෙන්නේ ස්මූතීස් වර්ගවලින්. බනානා, පීනට් බටර් වගේ ස්මූතී වර්ග ඕනෑම ජූස් සෙන්ටර් එකක තියනවා.

6. රටඉඳි

මහත් වෙන්න ආසාවෙන් ඉන්න අයට කියාපු කෑම තමයි රටඉඳි. අමාරුවෙන් කන්න ඕනි දෙයකුත් නොවන නිසා අවුලක් නැහැ. දවසට රටඉඳි පහක් හයක් කෑවම ඇති. නිකන්ම කනවට වඩා බටර්, කිරි නැත්නම් පීනට් බටර් එක්ක කනවා නම් සෙනික ප්‍රතිඵල. රටඉඳි සීනි සහ කැලරිවලින් පිරුණු ආහාරයක්.

7. පෝෂණවේදියෙකු හමුවීම

මොන මගුල කරත් මස් ටිකක් ඇඟට වැටෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ ඩොකාගේ සරණ හොයන් යන එක තමයි. එතකොට හිතටත් බයක් නැහැනේ. හැබැයි ඉතින් සතියෙන් දෙකෙන් මහත් කරවනවැයි කියලා කියන හොර ඩොකෙක් පස්සේ එහෙම ගියොත් වැඩේ අවුල් වෙනවා. රජයේ ලියාපදිංචි පෝෂණවේදියෙකුගේ උපදෙස්වලින් කවදාවත් එහෙම මහත් වෙන්න බෑ. ඒකට ටික කාලයක් යනවා. පරිභෝජනය කරන්න ඕනි කෑම ගැන සහ ඊට අමතරව ගතයුතු බෙහෙත් සහ දියර වර්ග බොන්න අවශ්‍ය නම් රෙකමදාරු කරනවා. හිතුමනාපෙට දේවල් බොන්න නරකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!