Health & Beauty

අව්වට පිච්චුන සම නිසා සැහෙන්න කරදර විදිනවාද?

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි අව්වට කලු පිච්චුනාම සම ආපහු යතා තත්වයට ගන්න සෑහෙන කාලයන් යන එක.මේ දේට රටේ නැති ක්‍රීම් ජාති අතුල්ලනවට වඩා ගෙදරදීම ස්වාභාවිකවම මේ පිච්චුන සම යතා තත්වයට පත්කරගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අද කියලා දෙන්නේ.

1. කෝමාරිකා

ගින්දරට පිච්චුනත් කෝමරිකා කෑල්ලක් අතුල්ලගන්න එකේ අව්වට පිච්චුනාම නොගා ඉන්න විදියක් නැහැනේ. කෝමාරිකා කෑල්ලක් කඩාගෙන ඒක අස්සේ තියෙන තරලය ගෑවාම මේ වේලිච්ච ගතිය අඩු වෙනවා. එහෙම කෝමාරිකා හොයාගන්න අපහසු නම් වෙළඳපොළේ ස්වාභාවික කෝමාරිකා ජෙල් වගේම ඒවා මිශ්‍ර ක්‍රීම් සහ ලෝෂන් වර්ග තියෙනවා. සැරටම අව්වට පිච්චුනා නම් කෝමාරිකා ගගා ඉඳලා හරියන්නේ නෑ, නමුත් වේදනා ගතිය පොඩ්ඩක් අඩු වෙලා කූල් වෙලා යනවා.

2. කෝපි

කන්න බොන්න තියෙන එව්වැයින් රූපලාවණ්‍ය වැඩ කරන එක වෙනම ආතල් එකක්. කෝපි කුඩු අරගෙන වතුර ඩිංගිත්තක් දාලා ස්ක්‍රබ් එකක් වගේ හදාගන්නවා. ඊට පස්සේ ඇඟිලි තුඩුවලින් සර්පිලාකාරව ඒක සමේ ගාගන්නවා. එච්චරයි.

3. බේකින් සෝඩා

බේකින් සෝඩා මිශ්‍ර ඇල් වතුරවලින් පිළිස්සුන තැන් සෝදා ගත්තාමත් වැඩේ ගොඩයාමක් තියෙනවා. අතට ඇති තරම් බේකින් සෝඩා අරගෙන ඇල් වතුර පිරුණු බේසමකට මේවා එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් තියෙන්න ඇරලා සිසරුරේ ආලේප කරගන්න .

4. අල

සැන්ඩ්විච් හදාගන්න අල තම්බලා පේස්ට් එකක් හදාගන්නවා නේ. ඒ විදියට තම්බා ගත් අල කීපයකින් පොඩි කරපු පේස්ට් එකක් හදාගන්න. ඉතින් ඊට පස්සේ අදාළ ප්‍රදේශයේ තවරාගන්න. වේලෙන්න ඉඩ ඇරලා සෝදලා ඉවත් කරන්න. මැරුණු සෛල ඉවත් කරලා කලු ගැහිලා තියෙන ගතිය අවම කරලා දෙනවා.

5. තක්කාලි සහ ලෙමන්

තක්කාලි ගෙඩියක යුෂවලට ලෙමන් බිංදු කීපයක් දාලා පේස්ට් එකක් හදාගන්න ඕනි. මේ දෙකේම සම සුදු කරන බ්ලීචිං අඩංගු වෙලා තියෙනවා. අර පේස්ට් එක ආලේප කරලා විනාඩි 10ක් නැත්තම් 15ක් තියෙන්න අරින්න. යන්තම් රස්නේ වතුරවලින් හෝදලා ටිකකින් ආයෙත් ඇල්වතුරෙන් හෝදන්න. හොඳම ප්‍රතිඵල ගන්න නම් සතියකට තුන් වතාවක්වත් කරන්න ඕනි.

6. කහ

කඩල පිටි හැඳි දෙක තුනකට කහ කුඩු තේ හැඳි කාලක් විතර එක්කහු කරගන්නවා. ඊට පස්සේ ලෙමන් යුෂ බිඳු කිහිපයක් එකතු කරගන්නවා. කිරි තේ හැඳි භාගෙකුත් එක්කහු කරගෙන තලපය හදාගන්නවා. මේක සර්පිලාකාරව ආලේප කරලා විනාඩි දහයක් තියන්න අරිනවා. ඊට පස්සේ හිමීට මද උණු වතුරෙන් හෝදනවා. සතියකට දෙපාරක්වත් කරන්න වෙනවා.

7. වෛද්‍යවරයා හමුවීම

දාහක් දේවල් කරලත් හරි ගියේ නැත්නම් දොස්තර ළඟට තමයි. චර්ම රෝග විශේෂඥයකු ළඟට යන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. වේදනාව සමනය කරගන්න බෙහෙත් සහ ජෙල් වර්ග වුණත් දෙන්න පුළුවන්. දුන් නැත්තන් ජෙල් එකක් වගේ දෙයක් ගැන ඇහුවාම වෛද්‍යවරයෙකු නොකියා ඉන්නේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!