Health & Beauty

ඔයාගෙ සැමියා දැන් ඔයාව ගණන් ගන්නෑ වගේද ..එහෙම වෙන්න මේ දේවල් හේතුවෙලා ද කියලා බලන්න..

දැන් දැන් ඔබේ සැමියා ඔබව ගණන් ගන්නෑ වගේ ද? ඔබට තිබෙන ආකර්ශණය අඩුවෙලා වගේ ද? ඔබ හිතනවා ඇති ඒ ඇයි කියලත්.ඒත් ඔබට ඔබේ අඩුවක් නෑ කියලා හිතෙනවා ඇති. මට හොද පෙනුමක් තියෙනවා,ලස්සනට ඉන්නවා,ලිංගික වශයෙන් සැමියාව තෘප්තිමත් කරනවා,ඔහුගේ වැඩ සියල්ල අඩුවක් නැතිව කරලා දෙනවා යනුවෙන් ඔබ හිතනවා ඇති. ඒත් ඇයි එනෙම් ඔබට තිබෙන ආකර්ශණය අඩුවෙලා තියෙන්නේ.. ඔබ වරද්දගන්න මූලික තැන වෙන්නේ ඔබ හිතනවා මේ දේවල් වලින් සැමියාව ආකර්ශණය කරගන්න පුළුවන් කියලා. ඒත් ඇත්ත වශයෙන්ම ඒ දේවල් වලින් ඔහුව ඔබ වෙත තබාගන්න හැකියාවක් නැහැ. මොකද ලිංගික හැගීම් ඇතිවෙනවා සහ නැතිවෙනවා. එහි පැවැත්මක් නැහැ. ඔබ වෙත ආකර්ශණය ඇතිවෙන්න සැමියා බලාපොරොත්තු වන දේවල් කිහිපයක් තිබෙනවා. ඇත්තටම ඒ දේවල් ඔබ හිතනවාට වඩා සරලයි. ඒ නිසා ඉහත සදහන් කල දේවල් වලට දෙන අවදානය වගේම මේ දේවල් වලටත් ඔබේ දැඩි අවදානය ලබා දෙන්න.නැතිනම් ඔබට නොදැනීම සැමියා වෙනකෙනෙකුට ආකර්ශණය වෙන්න ඉඩකඩ වැඩී.

ප්‍රධාන වශයෙන් ඔබේ පෞද්ගලික පිරිසිදුකම සැමියා ඔබ වෙත ආකර්ශණය වීමට බලපාන ප්‍රධාන කාරණාවක්. ඒ වගේම ප්‍රධාන
වශයෙන් කාන්තාවන් නොසලකා හරින කරණයක් තමයි මෙය.පිටතට යනකොට ලස්සනට අදිනවා. ඒත් නිවසේ දී ඔබ එහෙම ද? නිවසේදී පරණ දියවෙලා ගිය ඇදුම් අදිනවා.කොණ්ඩය ඔහේ අපිළිවෙලට බැදගන්නවා. ඔබ රැකියාවට යන කෙනෙක් නම් මහන්සියට ඇගපත සෝදාගන්නෙත් නැහැ. ඒ නිසාම ඇගපත ඇලෙනවා දහඩිය ගදයි. ගෘහනියක් වුණත් උදේ ඉදන් වැඩකරලා මහන්සියට රෑ වෙනකන් ඒ විදියටම ඉන්නවා.ඔබ හිතනවාද ඔබේ සැමියාට ඔබ දිහා බලන්නවත් හිතෙවී කියලා. ඔහුත් වැඩ කරලා මහන්සිවෙලා නිවසට එන විට ඔබ ඒ විදියට අපිරිසිදුව ඉන්නවා දුටුවාම ඔහුට ඔබව එපා වෙනවා.එවිට ඔහු කරන්නේ ඔබත් එක්ක කාලය ගත කරන්නේ නැතිව රූපවාහිනිය හෝ පරිගණකය වෙත ඔහුගේ අවධානය යොමුකරන එක. ඔබමයි ඔබේ සැමියාට ඔබව එපා කරවන්නේ. හොදින් මතක තබාගන්න ඔහුත් එන්නේ මහන්සිවෙලා. ඒ එනකොට ඔබ දිය නාලා පිරිසිදුවෙලා කොණ්ඩය පීරලා පිළිවෙලට ඇදුමක් ඇදන් ඉන්න වගබලා ගන්න.ඔබව මේ විදියට ප්‍රියමනාපව දැකීමෙන් ඔහුගේ වෙහෙස දුරුවෙලා යනවා.ඇත්තටම ඔහු නිවසට පැමිණිමෙන් බලාපොරොත්තු වන්නේ මේ දෙයයි.

ඔබ නිවස ඉතා පිරිසිදුව තබා ගන්නා කෙනෙක්ද යන්න කල්පනා කරලා බලන්න. ගේ දොර පිළිවෙලට තබාගන ඉන්න එක ඔබේ පෞරුෂත්වය විදහාපාන අංගයක්. ගෙදර පිරිසිදුනම් සැමියා ගෙදර රැදෙන්න ඇතිවෙන කැමැත්ත වැඩී. ගේ දොර අපිරිසිදුනම් ඔහු තමන්ගේ දෙමාපියන්,නෑදෑයන් වගේම යහළුවන් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවා. එවිට ඉබේම ඔහුට ඔබව එපාවෙනවා. ඒ නිසා ඔබේ නිවස පිරිසිදුව,පිළිවෙලට තියාගන්න. ඔහු කැමති ගෙදර පිරිසුදු බව පිළිවෙල අනෙකුන් වර්ණනා කරනවාට. එවිට ඔහුට ඔබගැන ආදරයක් ආඩම්බරයක් ඇතිවෙන් බව මතක තියාගන්න.

කිසිවිටකත් සැමියට උස හඩින් කතා කරන්න එපා. මොකද එවිට ඔහුගේ කෝපයද වැඩිවෙනවා. ඔහු කැමති නැහැ පිරිමි පෞරුෂයක්
තමන්ගේ බිරිද තුලින් දකින්න. තමන්ගේ සැමියාට අණ දෙන්න යන්න එපා. ඔබය පුළුවන් හැමවිටම මෘදුව කතාකරලා ඔහුට දේවල්
තේරැම් කරන්න. හැම සැමියෙක්ම කැමතී ඝෝශාකාරී නැති බිරිදකට. තමන්ගේ සැමියා යටත්කරගන කෑ ගහගන ජීවත් වෙන්න
හදන්න එපා. ඒවිට සිදුවන්නේ වෙන කාන්තාවක් වෙත ඔහුගේ ආකර්ශණය නිරායාසයෙන් යොමු වීමයි.

ඔබ හැම වෙලේම මූණ එල්ලගනද ඉන්නෙ. පොඩි දෙයක් ලොකු කරගන ප්‍රශ්ණ දුරදිග අරගන යනවානම් සැමියාට ඔබ කෙරෙහි කලකිරීමක් ඇතිවෙනවා. ගෙදර ඇතිවෙන ප්‍රශ්ණ, රැකියා ස්ථානයේ ඇතිවෙන ප්‍රශ්ණවල පීඩනය තම සැමියා පිටින් යවන්න එපා. හැම වෙලේම හිනාවෙලා ඉන්න බලන්න.ඔහුට හිනා වෙලා ඉන්න ඔබ හේතුවක් වන්න. සැමියා හැම විටම ඔබව සොයාගන එන තැනට ඔබ කටයුතු කරන්න.ඔහුගේ සැනසීම ඔබ වෙන්න. එවිට ඔහුට ඔබව හැම විටම උවමනා වෙනවා. නිවසේ රැදෙන්න හිතෙනවා. රූපයට මුල් කාලයේ ආකර්ශණය වූවත් කාලයක් ගතවන විට වෙනත් හේතු ඔහු ඔබ වෙත ආකර්ශණය වෙන්න බලපාන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!