Gossip

පෙම් යුවළක් දුම්රියට පනියි – පෙම්වතිය අවුරුදු 15ක පාසල් දැරියක්

පෙම් යුවළක් කොළඹ සිට ගාල්ල බලා ධාවනය වන දුම්රියකට පැනීමෙන් පෙම්වතිය මියගොස් තිබෙනවා.

අදාළ පෙම්වතා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි හික්කඩුව පොලිසිය පවසන්නේ.

දොඩන්දුව හා නාරිගම අතරදි මෙම පෙම්යුවළ දුම්රියට පැන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (01) රාත්‍රී 11.00ට පමණ මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි පහළොස් හැවිරිදි වියේ පසුවු පාසල් දැරියකි.

පෙම්වතා කහව පදිංචි තරුණයෙකි.

බරපතල තුවාල ලැබු පෙම්වතාගේ පාදයක් හා එක් අතක් ශල්‍යකර්මයකට ලක්කොට ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් මෙම යුවළ කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබෙනවා.

මියගිය පාසල් දැරියගේ හදිසි මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද (02) පැවැත්විමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!