Gossip

ධනංජයගේ තාත්තාව මරපු පාතාලය තවත් බිල්ලක් ගන්න සූදානමක්? මීළඟ ඉලක්කය ධනංජයගේ සොහොයුරා?

ඝාතනය කළ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ අභාවය ගැන බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇති කළ සිද්ධියක් වුණා.

එමෙන්ම මෙම ඝාතනය පාතාල කල්ලියක් විසින් සිදු කරන්නට ඇති බවට ද සැකයක් පවතිනවා.

මේ අතර රංජන් ද සිල්වාගේ වැඩිමහල් පුතු වන වන සාචිත්‍ර ද සිල්වාද ඝාතනය කිරීමට රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක්‌ සැලසුම් කරගෙන සිටින බව පොලිස්‌ බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍යය වාර්තා කර තිබෙනවා.

රංජන් ද සිල්වා ඝාතනය ගොනාකෝවිලේ අංජු නමැත්තා මෙහෙයවන පාතාල කල්ලියක්‌ මගින් සැලසුම් කර තිබෙන බවට සැක පළ කරනවා.

මෙම කල්ලිය විසින් ප්‍රථමයෙන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණේ සචිත්‍ර සිල්වා බවත් එම සැලසුම් ව්‍යර්ථවීම නිසා ඔහුගේ පියා වූ රන්ජන් ද සිල්වා ඝාතනය කර ඇති බවත් විමර්ශනවලින් හෙළිවී ඇති බවට වාර්තා වනවා.

ප්‍රහාරය එල්ල කරන අවස්‌ථාවේ සාචිත්‍ර සිල්වා නිවසේ නොසිටි අතර නිවස ඉදිරිපිට සිටි ඔහුගේ පියා ඝාතනය කර පාතාල සාමාජිකයන් පලා ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවත් පැවසෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!