Gossip

පෙම්වතිය රවටා කැමරා ෆෝන්වලින් බ්ලූ ෆිල්ම් හදන ලංකාවේ පෙම්වතුන්

අපට කීමට කතාවක්‌ මංජුලාට තිබේ. 18 හැවිරිදි ඇය ජීවිතය පටන් ගත්තා පමණි. පටන් ගත් තැනදීම ඇගේ ජීවිතය පුපුරා හැලී ඇත. ඉකිගසමින් හා හූල්ලමින් ඇය අපට මෙසේ කියයි “අපි නුවර අය. අම්මලා තාත්තලා තලවතුගොඩින් ගෙයක්‌ කුලියට අරන් ඔක්‌කොම දාලා කොළඹ ආවේ මාවයි අයියාවයි ලොකු ඉස්‌කෝල දෙකකට ඇරල උගන්නන්න. තාත්තා ලක්‍ෂ 5 ක ඩොනේෂන් එකක්‌ දීලා මාව කොළඹ හොඳම ගර්ල්ස්‌ ස්‌කූල් එකකට දැම්මා.

අපිව නුගේගොඩ ටියුෂනුත් යෑවුවා. මට අෂාන්ව මුණ ගැහෙන්නේ ටියුෂන් ක්‌ලාස්‌ එකේදී. හැබැයි මම ඕ ලේවල් කරනකොට එයා ඒ ලෙවල්ස්‌ අන්තිම වසරේ. අෂාන් ඒ දවස්‌වල හරි හොඳයි. හරි ලස්‌සනයි. එයා අතේ තිබ්බ කැමරා ෆොන් එකෙන් ක්‌ලාස්‌ එකේදී මගේ පින්තූර සිය ගණනක්‌ ගන්න ඇති. ටියුෂන් ක්‌ලාස්‌වලදි ඒවා ඉතින් එච්චර දේවල් නොවෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ ඉන්නෙත් එකා වගේ.

හැමෝටම මචං කියාගෙන එක ගොඩේනේ. ඔහොම ඉඳලා එක දවසක්‌ අෂාන් මගෙන් ඇහුවා ෆිල්ම් එකක්‌ බලන්න යමුද කියලා. එයා හුඟක්‌ හොඳ හින්දත් ඒ වෙනකොට අපි අතර ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණු හින්දත් අෂාන්ට බැහැ කියන්න මට බැරි වුණා. අපි දවසක්‌ ටියුෂන් කට්‌ කරලා වැල්ලවත්තේ ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකකට ගියා. හෝල් එකේ ලයිට්‌ නිවුවට පස්‌සේ අෂාන් මාව තුරුළු කරගෙන මගේ ඔලුව එයාගේ උරහිසට තියලා තද කරගෙන ආදරේ කළා. හැබැයි එයා මගේ ඇඟේ කිසිම රහස්‌ තැනකට අතවත් තිබ්බේ නැහැ.

මගේ ඇඟ ආසාවෙන් රත් වීගෙන ආවා. ඒත් අෂාන් නෙමෙයි කිසිම විදිහකින් සීමාව පැන්නේ. ෆිල්ම් එක ඉවර වෙන්න කලින් එයා පොරොන්දු වුණා එයා ඒ ලෙවල් කරපු ගමන් ම මාව බඳිනවා කියලා. අඩුම ගණනේ අපේ රෙජිස්‌ට්‍රේෂන් එකවත් කරනවා කියලා කිව්වා. මට ඒ වෙලාවේ ඒවා ගැන එච්චර තේරුමක්‌ තිබුණේ නැහැ. ඕනම වෙලාවක, බැඳලා හෝ නොබැඳ අෂාන්ට තුරුළුවෙන්න තියෙනවා නම් ඒ ඇති කියන තැන තමයි මම ඒ වෙලාවේ හිටියේ.

ඊට පස්‌සේ සතියකට දෙතුන් පාරක්‌ම අපි කොළඹ කොහේ හරි ෆිල්ම් හෝල් එකකදී තුරුළු වුණා. එහෙම ගිහින් එක දවසක්‌ අෂාන් මගෙන් ඇහුවා සෙනසුරාදා දවසක නිස්‌කලංක තැනකට ගිහිල්ල එන්ජෝයි කරමුද කියලා. මම ඇහුවා අපි යන්නේ කොහෙද කියලා. එයා කිව්වා යාළුවකුගේ පුංචි හෝටලයක්‌ තියෙනවා, සපුගස්‌කන්ද පැත්තේ තැනක, එතැනට යමු කියලා.

මට මගේ අෂාන් ගැන කිසිම අවිශ්වාසයක්‌ නැහැ. එයා කිසිම විදියකින් සීමාව නොපනින කෙනෙක්‌ බව මට විශ්වාසයි. ඉතින් අපි දවසක්‌ උදේ ඔය කියපු තැනට ගියා. ලොකු වත්තක්‌ මැද පුංචි හෝටලයක්‌. අපි හෝටලයට ඇතුළු වෙනකොට අෂාන්ගේ යාළුවා කියන කෙනා හිටියා. එයා මා දිහා බැලුවෙ කන්න වාගෙයි. “බ්‍රෑන්ඩ් නිව්ද?” එයා අෂාන්ගෙන් ඇහුවා. අෂාන් හිනා වෙලා මාත් එක්‌ක කාමරයකට ගිහින් දොර වහ ගත්තා. “මම වොෂ් එකක්‌ දාගෙන එන්නද?” අෂාන් එහෙම කියාගෙන ටවල් එකක්‌ අරගෙන බාත්රූම් එකට ගිහින් ඇඟ හෝදගෙන තුවාය ඇඳගෙන එළියට ආවා. එයාගේ ෂර්ට්‌ කලිසම් යට ඇඳුම් ටවල් රැක්‌ එකේ වැනුවා.

අෂාන් ගේ උඩුකය දැක්‌කම මගේ පපුව ගැහෙන්න ගත්තා. එදා එහෙම පපුව ගැහුනේ ආසාවට ද නැත්නම් බයටද කියන එක අදටත් මට තේරුම් ගන්න බැහැ. ඊට පස්‌සේ මමත් බාත්රූම් එකට ගිහින් ඇඟ හෝදලා ටවල් එකත් ඇඳගෙන එළියට ආවා. ඉදිරි විනාඩි විස්‌ස ඇතුළත අෂාන් අතින් මගේ තරුණකම නැති වුණා. එහෙම වුණාට පස්‌සේ මම අඬද්දී අෂාන් ඇහුවා හෙට බඳිමුද කියලා. මට මොනවා ගැනවත් තේරුමක්‌ නැහැ. ඉස්‌සරහට මොනවා වෙනවද කියලා හිතාගන්න බැහැ. ආපහු ඇඳුම් ඇඳගත්තට පස්‌සේ අෂාන් කැමරා ෆෝන් එකෙන් මගේ පින්තූරයක්‌ ගත්තා “අද අමතක කරන්න බැරි දවසක්‌. මේ පින්තූරේ ඒක මතක්‌ වෙන්න කියලා” අෂාන් කිව්වා.

ඒ සිද්ධිය වෙද්දී මට වයස 16 යි. ඒ වුණාට මගේ ඇඟපත හොඳට මෝරලා තිබුණා. බැලූ බැල්මට කෙනෙක්‌ හිතුවේ මම ඕ ලෙවෙල්ස්‌ හතරවැනි අවුරුද්දේ ළමයෙක්‌ කියලයි. එදායින් පස්‌සේ අෂාන් මං සම්බන්ධයෙන් වැඩ කළේ හරිම පරිස්‌සමින්. “දැන් ඔයා මගේ. ඔයාට ප්‍රශ්නයක්‌ ඇති නොවෙන්න වැඩ කරන්න ඕනෑ” කියලා එයා කිව්වා. ඊට පස්‌සේ අපි ෆිල්ම් බලන්නවත් හෝටල් කාමරවලටවත් ගියේ නැහැ. ඔය අතරේ අෂාන් ඒ ලෙවල්ස්‌ ලියලා ගමේ ගියා. එයා මාතර කෙනෙක්‌ බව මම දන්නේ ගමේ යනවා කියන කොටයි. “මං වගේ එළදෙනෙක්‌. බඳින්න ඉන්න කොල්ලගෙ ගමවත් දන්නෙ නැහැ” කියලා මම මටම හිනා වුණා. අෂාන් ගමේ යන්න කලින් මට සෙල්ෆොන් එකක්‌ අරන් දුන්නා. ගමේ ගියාට පස්‌සේ නිතර කතා කළා.

ඔය අතරේ මගේ ඕ ලෙවල් විභාගෙ ළං වුණා. මගේ පාඩම්වලට බාධාවෙනවයි කියලා එයා ටෙලිෆොන් කෝල් දීම අඩු කළා. මගේ විභාගය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ප්‍රේම සම්බන්ධය ගැන හිතන්නයි ෆිල්ම් බලන්න යැමයි නිසා මගේ පාඩම් ගිලිහිලා තිබුණා. මැට්‌ස්‌, සයන්ස්‌, ඉංග්ලිෂ් ෂුවර් එකටම ෆේල් බව මම දැන ගත්තා. විභාගෙ ඉවර වුණ දවසේ මම අෂාන්ට කෝල් එකක්‌ ගත්තා. ඒත් ෆෝන් එක ඕෆ් වෙලා තිබුණා. දෙවන දවසේ කතා කළාම ‘ද ලයින් ඉස්‌ ඩිස්‌කනෙක්‌ටඩ්’ (ඔබ අමතන දුරකථනය විසන්ධි කර ඇත) කියන රෙකෝඩින් එක ආවා. මට චුට්‌ටක්‌ බයත් හිතුනා. ඒත් අෂාන් මට විශ්වාසයි.

විභාගය ඉවරවෙලා දවස්‌ තුනකට පස්‌සේ ක්‌ලාස්‌ එකේ යාළුවෙක්‌ අපේ ගෙදර ආවා. ඊට පස්‌සේ රහසින් මට මෙහෙම කිව්වා. “අන්න ඔයා ඉන්න බ්ලූ ෆිල්ම් එකක්‌ ඉන්ටර්නෙට්‌ එකේ තියෙනවා. ඒකේ ඔයා සෙක්‌ස්‌ කරන්නේ අෂාන් එක්‌ක.” මට මුලින් මේ මලඉලව්ව තේරුණේ නැහැ. හැබැයි ටිකෙන් ටික මගේ ඇඟ හීතල වෙන්නත් ඇස්‌ නිලංකාර වෙන්නත් පටන් ගත්තා. “යමු අපේ ගෙදර. මම ෆිල්ම් එක පෙන්නන්නම්” එයා කිව්වා. “ඕනෑ නැහැ මගේ ලැප් ටොප් එකේ බලමු” මම කිව්වා. මට ලැප් ටොප් එක ඇරගන්න වත් පණක්‌ නැහැ. අත පය ගැහෙනවා. යාළුවා කම්පියුටරය ස්‌ටාට්‌ කරලා වෙබ් සයිට්‌ එකකට ගියා. අනේ දෙයියනේ. අෂාන් මගෙත් එක්‌ක හොටෙල් රූම් එකේ එකට ඉන්නව ඒ ෆිල්ම් එකේ තිබුණා. මුළු ෆිල්ම් එකම විනාඩි 15 ක්‌ විතර දිගයි. ඒත් කවුද මේක කළේ? ෆිල්ම් එක පටන් ගන්නේ මම බාත්රූම් එකෙන් එළියට එන තැනින්. ෆිල්ම් එකේ මගේ මුහුණ පැහැදිලිව පෙනුනත් අෂාන්ව පෙනුනේ මුහුණෙන් පහළ කොටස විතරයි.

මංජුලාට සිදුවී තිබුණේ කුමක්‌ද? ඔවුන්ගේ කායික සම්බන්ධකම් රූපගත කර තිබුණේ අෂාන්මය. ඔහු ඒ සඳහා ඔහුගේ කැමරා දුරකථනය පාවිච්චි කර තිබුණි. මේ කාම චිත්‍රපටය පරීක්‍ෂා කිරීමේදී අපට පෙනී ගිය කාරණය වූයේ මංජුලා බාත්රූම් එකට ගිය අතර අෂාන් සිය කැමරා ෆෝනයේ ක්‍රියාත්මක කර කාමරයේ වූ සයනය ඉතා හොඳින් දර්ශනය වන තැනක කැමරා ෆොන් එක සෙට්‌ කර ඇති බවයි. මේ මුළු චිත්‍රපටයම රූපගත කර තිබුණේ එකම එක කෝණයකිනි. අෂාන් සිය ක්‍රියාකාරකම් කැමරාවට හසුවන පරාසය තුළ පමණක්‌ සිදුකිරීමට පරෙස්‌සම් වූ අතර සිය මුහුණ කැමරාවට කෙළින්ම හසු නොවන පරිදි හැසිරී තිබුණි. නුවර සිට කොළඹට පැමිණ, ටියුෂන් සමාජයට වැටී, ආදරය විසින් දෂ්ඨ කරනු ලැබ, රාගයේ විස නිසා සිහිය විකල්ව සිටි මංජුලා අෂාන් විසින් මෙවැනි නීච වැඩක්‌ කරනු ඇතැයි සිහිනෙන්වත් කල්පනා නොකළාය.

තුන්වරක්‌ සා. පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ මංජුලා අද දෙමාපියන්ගේ බලකිරීම මත යෝජිත විවාහයකට සුදානමින් සිටින්නීය. සිද්ධියෙන් වසර හතරකට පමණ පසු අද වන තුරුත් අෂාන් ගැන ආරංචියක්‌ නැති අතර ගෙදරින් ගුටිකා මිය යන්නට සිදුවේ යෑයි බියෙන් මංජුලා මේ රහස අදටත් හෙළි කර නැත. මංගල රාත්‍රියේදී සිය සැමියාට පිළිතුරු දෙන්නේ කෙසේද යන භීතිය නිසා ඇය සෑම රැයකම තිගැස්‌සී අවදි වෙයි. මංගල දිනයට පෙර සිය දිවිනසා ගැනීමට ද ඇය තුළ සැලසුමක්‌ තිබේ. එහෙත් ඇය එයටද බිය ය.

“මම බඳින්න ඉන්න එක්‌නෙකා හරි හොඳ කෙනෙක්‌. වෙලාවකට මට හිතෙනවා එයාට මේක කියලා දාන්න.” එය මංජුලා සතු තවත් සැලසුමකි. මංජුලාගේ ජීවිතය විනාශ කරන ලද්දේ පෙම්වතා කෙරෙහි තබන ලද අකලංක විශ්වාසය විසිනි. ඇය විනාශ කිරීම සඳහා අෂාන් සිය රාගය සහ කැමරා ෆෝනය යොදා ගත්තේ ය. ඔහු කොතරම් නීච තිරිසනෙකු ද යත් එතැනින් නොනැවතී එම චිත්‍රපටය අන්තර්ජාලයට මුදා හරින්නේ ය.

මංජුලාගේ මිතුරිය ඇය සිටින බ්ලූෆිල්ම් එක දකින්නේ වෙනත් වෙබ් අඩවියකට ගොස්‌ බ්ලූ ෆිල්ම් පරික්‌සන විටය.බ්ලූ ෆිල්ම් හෙවත් කාම චිත්‍රපට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය ඉතා දැඩිය. මෙවැනි චිත්‍රපට නිෂ්පාදනය, ළඟ තබා ගැනීම හෝ බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඉන්දියාවේ නීතියට අනුව බ්ලූ ෆිල්ම් බැලීම තහනම් නැති වුවත් ඒවා ළඟ තබා ගැනීම නිෂ්පාදනය සහ බෙදාහැරීම වරදකි.

කැනඩාවේ නීතියට අනුව වයස 18 ට වැඩි ඕනෑම කෙනකුට බ්ලූ ෆිල්ම් නිෂ්පාදනය කිරීම ළඟ තබා ගැනීම, බෙදා හැරීම කළ හැකිය. ලතින් ඇමරිකාවේ රටවලින් 100% කම වාගේ කාම චිත්‍රපටවලට නීතියෙන්ම ඉඩ දී තිබේ. අප්‍රිකා මහාද්වීපයේ ඉස්‌ලාමීය රටවලින් 75% ක පමණ බ්ලූ චිත්‍රපට තහනම් වන අතර ඒවායේ රඟපෑම, ඒවා ළඟ තබා ගැනීම, බෙදාහැරීම යනාදිය මරණයෙන් කෙළවර වන වැරදිය. අයි එස් ත්‍රස්‌තයෝ නම් මෙවැනි චිත්‍රපට අධ්‍යක්‍ෂගෙ සිට නළුවාගේ දක්‌වා සියලු දෙනා අල්ලා රහසඟ සිඳිනු ලබත්.

ජර්මනිය යනු ලොව වැඩිම වශයෙන් බ්ලූ ෆිල්ම් නිෂ්පාදනය කරන රටයි. එය බ්ලූ ෆිල්ම් කර්මාන්තයේ නිජබිම් දෙක තුනෙන් එකකි. එහෙත් බ්ලූ ෆිල්ම් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන නීති ඉතා දැඩිය. ප්‍රංශය ලිංගික කටයුතු සහ කාම චිත්‍රපට සඳහා ප්‍රංශය ඉතා ප්‍රසිද්ධ නමුත් වයස 16 – 18 අතර දරුවන්ට රාජදරු මට්‌ටමේ බ්ලූ ෆිල්ම් විකුණා අසු වුවහොත් එකී විකුණන්නා හිරේ යවනු ලබයි එහෙත් ඒ රටේ වයස 18 ට ඉහළ අයට සීමාවකින් තොරව කාම චිත්‍රපට පරිහරණය කරන්නට පුළුවන. මේ සම්බන්ධයෙන් අයිස්‌ලන්තයේ ද දැඩි නීති පවතී. එහෙත් ඒ නීති කිසිවකු විසිනුත් ගණන් නොගන්නා අතර පුවත්පත්වල මුල් පිටුවල පවා අසභ්‍ය පින්තූර පළවේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!