Gossip

ජැක්සන් ඇන්තනී වයසින් ඉතා බාල තරුණියක විවාහ කරගනියි

වයසින් ඉතා බාල තරුණියක විවාහ කරගන්නා ඉහළ පැලැන්තියක ජීවත් වන, ඉතා ගුණයහපත්, නිවුණු, වැඩිහිටි පුද්ගලයෙකුගේ චරිතයක් නිරූපණය කිරීමට ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තෝරාගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජනප්‍රිය සිනමාව අතර තිබෙන කේරළ සිනමාවේ චිත්‍රපටයකට රංගනයෙන් දායකවීමට තමයි ජැක්සන් ඇන්තනී මහතාට අවස්ථාව උදාවෙලා තියෙන්නේ.

කේරළ සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන අනිල් කුමාරගේ නවතම සිනමා පටයට ජැක්සන් මෙලෙස තෝරාගෙන ඇති අතර එහි නිෂ්පාදිකාව වන්නේ බිනා උන්නී ක්‍රිෂ්ණන්.

ජැක්සන් ප්‍රධාන චරිතය රඟපෑ මෑතකදී තිරගත වූ සිනමා පටයට, ආශ්‍රය කර ගත්තේද කේරළ චිත්‍රපටයක්.

මෙහි බොලිවුඩ් නිර්මාණයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රංගන ශිල්පී අජේ දේව්ගන්.

ශ්‍රී ලංකා චිත්‍රපටය නැරඹූ “දෘශ්‍යම්” නමැති එම කේරළ චිත්‍රපටයේ, නිෂ්පාදකවරයා තම රංගනය බොහෝ සෙයින් ඇගයූ බවයි ජැක්සන් ප්‍රකාශ කර තිබෙන්නේ.

එම ආරංචිය කේරළයේ පැතිරීම හේතුවෙන් මෙම ආරාධනය තමන්ට ලැබුණු බව ජැක්සන් ඇන්තනී ප්‍රකාශ කර තිබෙනවා.

මෙහි රූගතකිරීම් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ලක්නව්වලදී ලබන මස ආරම්භ වන බවද ඔහු ප්‍රකාශ කළා.

මෙම චිත්‍රපටය සිංහල පරිවර්තනයක් ලෙසත් ඉදිරියේදී නිර්මාණය කිරීමට අනිල් කුමාර බලාපොරොත්තු වන බව සඳහන්.

මේ වනවිට චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ජැක්සන් සූදානම් වන අතර මලයාලම් සහ දමිළ භාෂා ඉගෙනීමේ කටයුතු වල නිරත වන බවයි වාර්තා වන්නේ.

මෙය ශ්‍රී ලාංකේය සිනමාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජැක්සන් ඇන්තනී කියා සිටිනවා.

අනිල් කුමාර ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට 48ක් නිර්මාණය කළ කේරළයේ සිටින ඉතා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!