Gossip

දසුන් ශානක වරද පිළිගනියි … තරග ගාස්තුවෙන් 75% ක දඩයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වෙද්දී ඉන්දියාවේ නාග්පුර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.පලමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කල කණ්ඩායම මෙම තරගය සදහාද ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කරනු ලැබුවා. ඊයේ තිබුන තරඟයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට තහවුරුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට දඩ පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ ගැන දසුන් ශානක එයාගේ වරද පිළිගෙන තියෙනවා. ඒ අනුව දසුන්ට තරඟ ගාස්තුවෙන් 75% ක දඩයක්, ජගත් ක්‍රිකට් කවුන්සිලට ගෙවන්න වෙනවා.

මෙම තරගයේ ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රධානම තුන් ඉරියව් ක්‍රිඩකයා වන්නේ දසුන් ශානකයි.ඔහු ලංකාවේ සිටින දක්කෙෂතම තුන්සේ ඉරියව් ක්‍රිඩකයෙක් වුවත් ඔහුට ලැබුන අවස්ථා වලින් ඔහු තවමත් සැලකිව යුතු දක්ෂතාවයක් පෙන්වා නැහැ.ඔහු සාර්ථක වූයේ පාකිස්ථානු 20-20 තරගයකදී පමණි.

මේ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය තමයි අද. ඊයේ තරඟය නතර කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 312ක් ලබාගෙන හිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 205ට වඩා ඉන්දීය කණ්ඩායම මේ වෙද්දී ලකුණු 107ක් ඉදිරියෙන් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!