Gossip

“පුදුම විදිහට දුක් වින්දා, පැමිණි අභියෝග එමටයි. ඒ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.. කොටින්ම රටක්, රාජ්‍යක් දිනුවා වගේ”

ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින සැබෑ කරන තාරුකා පෙළහර “දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර්” සීසන් සෙවන් කිරුළ දිනා ගත්තේ සුනීර සුමංග.
ලක්ෂ දෙකකට වැඩි තරඟකරුවන් පිරිසක් අතරින් මේ ලබාගත් ජයනග්‍රහණය ගැන සුනීර කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

සුනිර දෙරණ DREAMSTAR කිරුළ හිමිකරුවා වුණේ ඔයා. මොකද ඒ ගැන හිතෙන්නෙ.

ඇත්තටම ඒ සතුට ඒ හැඟීම මේ වෙලාවේ වචන වලට පෙරලන්න අමාරුයි.කොටින්ම රටක්, රාජ්‍යක් දිනුවා වගේ කියලයි මට හිතෙන්නෙ.

ඔබට විශ්වාසයක් තිබුණද ඒ කිරුළේ හිමිකරුවා වෙන්නට පුළුවන් වෙයි කියලා.?

මුල් කාලයේ ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. හැබැයි අරමුණක් තිබුණා. ඒ වගේම වටයෙන් වටය ඉදිරියට යද්දී ප්‍රේක්ෂකයන්ගෙන් වගේම මට මුණ ගැසුණු අයගේ ප්‍රතිචාරත් එක්ක මට හිතුණා මම FINAL ඉන්නවා කියලා. අවසානයේ ඒ විශ්වාසය යථාර්ථයක් බවට පත්වුණා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර..?

ඇත්තටම ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.මගේ ෆෝන් එකට නම් කිසිම නිදහසක් නෑ. විදෙස් රට වලින් පවා සුබපැතුම් ගලාගෙන එනවා. ගොඩක් අය සුබ පතන්නට ගෙදරටත් එනවා.

අනෙක් තරගකරුවන් දෙදෙනාත් අවසාන මොහොත වනතෙක් හොඳ තරගයක් දුන්නා. කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ.?

සඳමාලි සහ ශලින් කියන්නේ මාත් එක්ක තරග වැඳුණු අනෙක් දෙදෙනා.

ඔහුන් දෙදෙනාත් දක්ෂයි. අපි තුන් දෙනාගේ තිබුණේ තුන් ආකාර ශෛලින් තුනක්. ඉතින් මට ගැටෙන්නට වුණේ ශෛලීන් දෙකක් එක්ක.

මට හිතෙන්නේ මිනිසුන් ආකර්ෂණය කර ගැනීම සහ වේදිකාව පරිහරණය කිරීම, ගිත තෝරා ගැනීම ඒ සියල්ල එක්ක මිනිසුන්ගේ හදවතට කතා කරන්නට මට හැකියාව ලැබුණා. ඒ වගේම මිනිසුන්ගේ ඒ ආදරය අවසාන දිනයේ කෙටි පණිවිඩ වලට පෙරලුණා. මේ සියල්ල එක්ක ඒ අභියෝගය ඉතා සාර්ථකව ජය ගන්තා කියලයි මා හිතන්නේ.

ඔබ තරගාවලිය ආරම්භයේ සිටම ගායනා කළේ අමරදේව ශූරීන්ගේ ගීත.?

ඇත්තටම මම අමරදේව ශූරීන්ගේ ගීත වලට ගොඩක් ආදරෙයි. ඔහු හා සම කළහැකි කිසිවෙකු නැ. මම ඔහුට ආධුනිකයෙක් විදිහට ගරු කරනවා. ඒ ගීත වල තියෙන නිදහස් බව, ගැඹුරු බව, අරුතට මම පෞද්ගලිකව ආදරය කරනවා. ඒ වගේම එතුමාගේ ගීතවලට මගේ කටහඬ හා තියෙන ගැළපීමත් නිසා එතුමන්ගේ ගීත තෝරා ගැනීමට හේතු වුණා.

තවත් දෙයක් කියන්නට ඕන මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මගෙන් ඉල්ලුවෙත් එතුමන්ගේ ගීත. මේ තරගය ප්‍රේක්ෂකයන් හා යන ගමනක් නිසා ඔහුන්ගේ ඒ ආදරණීය ඉල්ලීම ඉටු කිරීමටද මට සිදුවුණා.

කොහොමද DREAMSTAR එක්ක මුලින්ම සම්බන්ධ වෙන්නේ.?

අම්මයි, අයියයි තමයි ඒ සඳහා අයදුම් පත් දැම්මේ. පසුව මට ගෙදරට ලිවුමක් ආවා හඬ පරීක්ෂණයකට යන්න.

පැමිණි දුක් පැණි රසයි‘ ඔබ ආ ගමන් මගත් ඒ වගේ දුෂ්කර ගමනක් කියලයි දැනගන්න ලැබුණේ.?

මෙහෙමයි මගේ පියා විදෙස් ගතවෙලා ඉන්නේ. නමුත් ඔහු තරගයේ පළමු වටය සඳහා මාත් එක්ක සහභාගී වුණා.

මගේ අවසන් තරගය බලන්න ඔහු නැවත ලංකාවට ආවා. ඉදිරියේදී ඔහු විදෙස් ගතවෙනවා. අම්මත් විදෙස් ගතවෙලා හිටියේ. මමයි නංගියි බලා ගත්තේ ලොකු අම්මා.

ඉතිං DREAMSTAR මූලිකවටය සඳහා මම ගොඩක් වෙලාවට ගියේ තනියම. අපි පවුල් දෙකක් එකට හිටියේ. පුදුම විදිහට දුක් වින්දා, පැමිණි අභියෝග එමටයි.

මම තරගාවලිය ඇතුළේ සහ වැඩසටහන් තුළදී මේ කතාව කියලා නෑ.

මෙතෙක් ආවේ මල් පිරුණු මාවතක නෙමෙයි. ඒත් මගේ අරමුණක් තිබුණා. ඒ අරමුණ ජයගන්න මම පැමිණි අභියෝග වලට අභියෝග කළා.

ඔබට ශක්තියක් වුණු පිරිස මතක් කළොත්?

අනිවාර්යෙන්ම. මුලින්ම මගේ අම්මා, තාත්තා, නංගි, ලොකු අම්මා වගේම මගේ මිතුරන්.

ඔවුන් මගේ ජයග්‍රහණය වෙනුවෙන් පුදුමාකාර කැප කිරීනමක් කළා. හැම වෙලාවෙම මාව දිරිමත් කළා. ‘ෂෙනාල් අයියා ඒ අතර සුවිශේෂයි.

ඒ වගේම මගේ ගමේ අය.ගොඩක් දෙනා කීවේ රාගමට CUP එක ගෙනෙන්න කියන දේ.

ඒක මගේ හිතට දැනුණා. මාව දිරිමත් වුණා. මුළු ගමක් රටක් එකතුවුණා. රාගම සියලුම පාසල්. වගේම විදේශීය රටවල සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් ..මට පුදුමාකාර විදිහට ශක්තියක් වුණා. අදටත් මාත් එක්ක ඉන්නවා.

විශේෂයෙන් ටී.වී දෙරණ සියලු දෙනාත් DREEMSTAR අපේ කණ්ඩායමේ රාජිකා අක්කා, කැළුම්, නේලක, සුධීර,මාධව, තාරුකා කියන නිෂ්පාදන කණ්ඩායම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්නට කැමතියි.

කුඩා අවදියේ සිටම සංගීතයට ඇලුම් කළාද?

පුංචි කාලයේ ඉඳලම සංගීතය කියන දේට මම ආදරෙයි. ආදරය කළ ගායකයා වුණේ හර්ෂණ දිසානායක අයියා. ඔහුගේ ගීත මම නිතරම වගේ අහනවා. අදටත් මම ආදරය කරන ගායකයා ඔහුයි.

ඒ ගීතවල තිබුණු අරුත, සංස්කෘතියට සොඳුරු බවට මගේ ඇඟට වැදුණා.

එදා සිට සුභාවිත ගීතයට මම ආදරය කළා, නැඹුරු වුණා. අමරදේව වැන්නවුන්ගේ ගීත තරගාවලිය සඳහා තෝරා ගැනීමට එයද වක්‍රාකාරව බලපෑවා කියන්න පුළුවන්.

ඔයාගේ පවුලේ විස්තර ගැන කෙටියෙන් කීවොත්?

මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි ඉන්නේ.නංගි තාමත් පාසල් යනවා.

මොනවද ඉදිරි බලාපොරොත්තු ?

මෙහෙමයි. ක්ෂේත්‍රයට තාමත් මම ආධුනිකයි. සංගීතය කියන්නේ පුළුල් ව්ෂයක්.

ඒ නිසා ඒ පිළිබද හැදැරීම් කරලා ශ්‍රාස්ත්‍රීය සංගීතය පැත්තෙන් රටක් ආදරය කරන සහ ක්ෂේත්‍රය තුළ ස්ථාවර ගමනක් යාම තමයි මගේ එකම බලාපොරොත්තුව.

DREAMSTAR හරහා රටක් හඳුනා ගත් ‘සුනිර‘ ගේ හඬට පෙම්බැඳි සුවහසක්වූ ප්‍රේක්ෂක ඔබත් ඔහුට සුභ පතන්නට කැමැත්තෙන් ඇති. ඔහුගේ දුරකතන අංකය 0713630604

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!