Gossip

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයට වෙන්න යන දේ මෙන්න – ඇන්ජලෝ කරපු වැඩේ නිසා ක්‍රිකට් වෙනස් වෙයිද..?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු පළමු තරගයේදී ශ්‍රී ලංකා පිළ සුපිරි දක්ෂතා අතරට පැමිණියා.
පිටිය මැද ඉන්දියානුවන් අසරණ කළ ශ්‍රී ලංකාව ප්‍රේක්ෂකයින්ට එක්කළේ ලොකු බලාපොරොත්තුවක්.
නමුත් දෙවැනි තරගයේදී ඒ සියලු බලාපොරොත්තු සුන් කරන්නට රෝහීත් ෂර්මාට හැකි වුණා.
එම තරගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 141 ක පරාජයක් අත්වුණා.
අද ඉන්දු ශ්‍රී ලංකා තුන්වැනි එක්දින තරගය ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරුවේ නගරයක් වන විශාකාපට්නම්හිදී පැවැත්වීමට නියමිතයි.
පුහුණු කටයුතු ඉතා උනන්දුවකින් සිදු කරමින් අද තරගය ජයග්‍රහාණය කිරීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අතර විශේෂ උනන්දුවකින් පුහුණුවීම් කළ ඇන්ජලෝ මැතිව්ස් විනාඩි 40 ක් පමණ පුහුණු දැළ තුළදී පන්දුවට පහර දීමෙන් අනතුරුව දිගින් දිගටම පන්දු යැවීමත් සිදු කර තිබෙනවා.
පුහුණුවීම් වලින් පසුව ශ්‍රී ලංකා කළමණාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා සඳහන් කර තිබුණේ අද තරගය සඳහා මැතිව්ස් සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවෙන් සිටින බවයි.
“දෙවැනි එක්දින තරගයේ අවසන් කොටසේදී ඔහුගේ මස්පිඬු පෙරළීම නිසා වේදනාවෙන් සිටියා. ඒත් එයා දැන් හොඳින් සුවය ලබා තියෙනවා…..එයා අද පුහුණු දැළ තුළදී හොඳින් පන්දුවට පහර දීමත්, පන්දු යැවීමත් කළා”
“අපේ ක්‍රීඩකයන් සියලු දෙනාම හොඳින්..මේ තීරණාත්මක තරගය සඳහා සියලු දෙනාම සූදානම්” යයි ගුරුසිංහ මහතාද පවසා තිබෙනවා.
තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබෙනවා.
මේ නිසා ඉන්දීය කණ්ඩායම පීඩනයට පත්ව ඇති බවයි තිසර පෙරේරා පවසා ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!